Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st June 2017 14:33:11 Hours

අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික රයිෆල් වෙඩිතැබිමේ තරඟාවලියේ ශුරතාවය ගැමුණු හේවා බලකායට

යුද්ධ හමුදා සුලු අවි සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික රයිෆල් වෙඩිතැබිමේ තරඟාවලිය මැයි මස 20 දින සිට 29 දින දක්වා දියතලාව මිටර් 1000 වෙඩිපිටියේ දී පවත්වනු ලැබු අතර, එම තරඟාවලියේ ත්‍යාග ප්‍රදාන උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් උපුල් විතානගේ සහභාගි විය.

රෙජිමේන්තු 20 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 40 ක් සහභාගි වු මෙවර තරඟාවලියේ ශුරතාවය ගැමුණු හේවා බලකා කණ්ඩායමට හිමි විය.

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම තරඟාවලියේ අවසන් අදියර සඳහා සහභාගි වුහ.

Sportswear free shipping | Autres