Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th March 2020 12:10:08 Hours

අන්තර් රෙජිමේන්තු නෙට්බෝල් ශූරතාවලියේ අවසන් තරගය පනාගොඩදී පැවැත්විණි

අන්තර් රෙජිමේන්තු නෙට්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරඟය ඉකුත් සිකුරාදා (6) දින පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත් වූ අතර නෙට්බෝල් ශූරතාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූ අතර එහිදි ජයග්‍රාහකයින් වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් කුසලාන සහ සහතික පිරිනමන ලදී.

නෙට්බෝල් ශූරතා තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තුව නියෝජනය කරමින් කණ්ඩායම් 3 ක් ද ශ්‍රි ලංකා යුද්ධ හමුදා සංඥා බලකාය නියෝජනය කරමින් කණ්ඩායමක් සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය නියෝජනය කරමින් 1 කණ්ඩායමක් මෙන්ම කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් නවක කණ්ඩායමක් ද සමගින් කණ්ඩායම් 6 ක් තරඟාවලිය සඳහා තරඟ වැදුණි.

එම අවස්ථාවට සපැමිණි දවසේ ප්‍රධාන ආරාධිත අමුත්තා යුද හමුදා නෙට්බෝල් කමිටුවේ සභාපති මෙන්ම ශ්‍රි ලංකා කාන්තා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්. එම්. බී. රත්නායක විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව පිළිගැනීමේ කතාව පැවැත්වීමට පෙර යුද හමුදා ගීතය ගායනා කිරිමෙන් පසු යුද්ධයේදී දිවිපිදු වීරෝධාර රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක් පවත්වමින් ඔවුන්ට උපහාර පුදකළේය.

අවසාන තරඟයෙදී ශ්‍රි ලංකා කාන්තා බලකා ‘A’ කණ්ඩායම සහ ශ්‍රි ලංකා කාන්තා බලකා ‘B’ කණ්ඩායම අතර ඉහල පේක්‍ෂක ප්‍රතිචාර සමගින් උද්යෝගිමත් තරගයක් පැවැත්විණි. තියුණු තරගයකින් පසු ශ්‍රි ලංකා කාන්තා බලකා ‘A’ කණ්ඩායම ශූරතාවය හිමිකර ගැනීමට සමත්වූහ. අනතුරුව ජයග්‍රාහී කණ්ඩායම වෙත ප්‍රධාන ආරාධිත අමුත්තා සුභ පැතුම් එක්කරමින් ශූරතා කුසලානය සහ සෙසු කුසලතා සම්මාන ප්‍රදානය කළේය.

දිනයේ වැඩසටහන ස්තූති කතාවත් සමගින් අවසන් වූහ.

අවසන් තරගය නැරඹීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකායේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර, උපකරණ මාස්ටර් ජෙනරාල් දුමින්ද සිරිනාග යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වූහ. Adidas shoes | Nike Air Force 1 , Sneakers , Ietp STORE