Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th August 2016 13:40:27 Hours

අන්තර් රෙජිමේන්තු ජිම්නාස්ටික් ශුරතාවය ගජබා රෙජිමේන්තුවට

අන්තර් රෙජිමේන්තු ජිම්නාස්ටික් තරඟාවලිය - 2016 කොළඹ ටොරීන්ටන් ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී අඟහරුවාදා (09) දින පවත්වන ලදි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සහභාගි වූ අතර, ප්‍රධානා ආරාධිත අමුත්තා විසින් ජයග්‍රහකයින් වෙත කුසලාන සහ සහතික පත් පිරිනැමිම ද සිදුකෙරිනි. එහි ශුරතාවය ගජබා රෙජිමේන්තුව දිනා ගත් අතර, අනුශුරතාවය ශ්‍රි ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව වෙත හිමි විය. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, ක්‍රීඩා කමිටු සාමාජිකයින් මෙන්ම ක්‍රීඩා ලොලීන් ද මෙම තරඟාවලිය නැරඹිම සඳහා පැමිණ සිටියහ.Authentic Nike Sneakers | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals