29th July 2024 20:31:03 Hours
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු කරාතේ ශූරතාවේ අවසාන තරඟාවලිය පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති, සහ යුද්ධ හමුදා කරාතේ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ ප්‍රදානත්වයෙන් 2024 ජුලි 23 දින පැවැත් විය.
මෙම තරඟාවලිය 2024 ජූලි මස 19 දින සිට 22 දින දක්වා පැවැත්විණ.
අවසන් වට තරඟාවලියේදී උණුසුම් තරඟ වට කිහිපයකින් ශ්‍රි ලංකා පාබළ හමුදාව පරදවා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව පිරිමි සමස්ථ ශූරතාවය හිමි කරගැනීමට සමත් විය. කාන්තා සමස්ථ ශූරතාවය ශ්‍රී ලංකා සංඥා බළකායට අනුශූරතාවය හිමිකරදෙමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකාය විසින් ශූරතාවය හිමිකර ගැනීමට සමත්විය.
පහත සඳහන් ක්‍රීඩකයින් ඔවුන්ගේ පුද්ගලික විශිෂ්ඨ දස්කම් වෙනුවෙන් විශේෂ ඇගයීමට ලක් විය.
හොඳම ක්‍රීඩකයා - කෝප්‍රල් එස්.ඒ.එම්.ඩී.පී. කුමාර - ශ්‍රී ලංකා පාබල හමුදාව
හොඳම ක්‍රීඩිකාව - කෝප්‍රල් ඩී.එම්.ආර්. ප්‍රේමචන්ද්‍ර - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය