Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th September 2024 19:15:48 Hours

අනතුරට ලක් වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකුට යුද්ධ හමුදා නිලධාරියෙකුගේ සහයෝගය

කිලිනොච්චිය මහා මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් බරපතළ තුවාල ලද ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකුට 1 බලකායේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරීතුමන් සිය සහයෝගය දැක්වීය. ඔහු වෙනුවෙන් අවශ්‍ය සහයෝගය දැක්වීමට එම පරිශ්‍රයේ සිටි අනෙක් පුද්ගලයින් කටයුතු නොකරන ලද අවස්ථාවේදී කඩිනමින් ක්‍රියාත්මක වූ එතුමන් තුවාල ලද පුද්ගලයාට කඩිනම් ප්‍රතිකාර ලබාදීම සඳහා කිලිනොච්චිය රෝහල වෙත රැගෙන යනු ලැබීය.