Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th July 2020 15:42:07 Hours

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් පාසල් ක්‍රීඩාපිටි ප්‍රතිසංස්කරණය කරයි

(මාධ්‍ය නිවේදනය)

අතිගරු ජනාධිපතිතුමන් පසුගියදා සිදුකළ සංචාරයක් අතරතුර හඟුරන්කෙත පොරමඩුල්ල මධ්‍ය මහ විද්‍යාලයේ සහ දැරණියගල සිරි සමන් ජාතික පාසලේ ක්‍රීඩාපිටි ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස පාසල් සිසුන්, දෙමාපියන් සහ පාසල් බලධාරීන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව, අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 6 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ සහ 12 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් මේ වනවිට එම ක්‍රීඩංගණවල ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනු ලබයි.

පාසල් සිසු සිසුවියන් තම ක්‍රීඩාපිටි නිසිලෙස සකස් කරගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව හඟුරන්කෙතදී අතිගරු ජනාධිපතිතුමන්ට දැනුවත් කිරීමෙන් පැය කිහිපයකට පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් දුරකථනය ඔස්සේ සම්බන්ධවූ අතිගරු ජනාධිපතිතුමන් ක්‍රීඩාපිටි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටියි.

අතිගරු ජනාධිපතිතුමන් උපදෙස් පරිදී, යුද්ධ හමුදාව පැය 24 කටත් අඩු කාලසීමාවකින් මෙම ව්‍යාපෘතියේ ප්‍රතිසංස්කරණ කටයුතු භාරගෙන අපේක්ෂිත ප්‍රමිතියට අනුව ක්‍රිඩාපිටිය සකස් කිරීම සඳහා යුද්ධ හමුදා යන්ත්‍රෝපකරණ යොදා සිදුකිරීම ආරම්භ කරන ලදී. ඒ අනුව, 6 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් පැය 24 ක් පුරා කටයුතු කරමින් ජාතික මට්ටමේ ක්‍රීඩාපිටියකට සමානව මෙම ක්‍රීඩාපිටිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කටයුතු කළහ.

හඟුරන්කෙත පොරමඩුල්ල මධ්‍ය මහ විද්‍යාලයේ ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සිදුකළ ඉල්ලීමට අනුව, අතිගරු ජනාධිපති තුමන් විසින් ලබදුන් උපදෙස් මත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ 12 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පැය 10 කටත් අඩු කාලසීමාවකදී දැරණියගල සිරි සමන් ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කළෝය.

ඒ අනුව, බ්‍රහස්පතින්දා (30) දින මධ්‍යහන වනවිට 12 වන ශ්‍රී ලංකා ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් ප්‍රතිසංස්කරණ කටයුතු වලින් 95% කට වඩා වැඩි ප්‍රමාණයක් සිදුකිරීමට සමත් වූහ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුලස්ථානයෙන් උපදෙස් ලැබී පැය කිහිපයකින් ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ ප්‍රතිසංස්කරණ කටයුතු ජූලි මස 18 වන දින සන්ධ්‍යාවේදීම ආරම්භ කරන ලදී.

දවසේ ඕනෑම මොහොතක ඕනෑම කාර්යභාරයක් භාරගෙන ඉටු කිරීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යළිත් වරක් පෙන්වාදෙමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරි දින කිහිපය තුළ අවසන් කිරීමට අපේක්‍ෂා කරයි. short url link | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth