Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th July 2019 08:25:44 Hours

අකුරේගොඩ ඉදිකිරීම් කටයුතු පිළිබඳ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීගේ නිරීක්‍ෂණයට

අකුරේගොඩ අභිනවයෙන් ඉදිකරමින් පවතින ආරක්‍ෂක මුලස්ථාන සංකීර්ණයේ ඉදිකිරිම් කටයුතුවල ප්‍රගතිය පිළිබඳව සොයා බැලීම සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිලිවා ඉකුත් අඟහරුවාදා (23) දින එහි සංචාරයක නිරත විය. එහිදි, ඉදිකිරිම් කටයුතුභාර ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරීයෙකු විසින් දැනට ඉදිකරමින් පවතින ගොඩනැගිලි සංකීර්ණයේ අවසන් අදියර පිළිබඳව බහු මාධ්‍ය ප්‍රක්ෂේපන යන්ත්‍රයක් භාවිතයෙන් සිදුකළ ඉදිරිපත් කිරිමක් මගින් මාණ්ඩලික ප්‍රධානීතුමන් වෙත සවිස්තරාත්මකව පැහැදිලි කරන ලදී.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉදිකිරිම් කටයුතු පිළිබඳව නිරික්‍ෂණය කරමින් ඉදිකිරිම් කටයුතුවල නියැලි සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සමඟද සුහදව අදහස් හුවමාරු කරගත්හ. අභිනවයෙන් ඉදිකිරමින් පවතින ආරක්‍ෂක මුලස්ථානයේ ආකෘතිය නිරික්‍ෂණය කළ මාණ්ඩලික ප්‍රධානීතුමන් එහි තාක්ෂණික අංශ හා සම්බන්ධ ගැටළු කිහිපයක් පිළිබඳව විමසා සිටියේය. මෙම සංචාරය සඳහා ඉඩම් දේපල හා භඨනිවාස අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර, 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චූලා අබේනායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු එක්ව සිටියහ. Running sneakers | Air Jordan Retro - 2021 Release Dates + Preview , Fitforhealth