ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ 19 වන බලකාධිපති ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ 19 වන බලකාධිපති ලෙස අයවැය හා මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එම්.කේ.එස්.එස් ද සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරි හමුදා සම්ප්‍රදායානුකූලව 2025 ඔක්තෝබර් මස 08 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ධූරයේ රාජකාරි ආරම්භ කළේය.

රෙජිමේන්තු මධ්‍යසථානයට පැමිණි බලකාධිපතිව එම රෙජිමේන්තුවේ ‍ සේනාවිධායක විසින් පිළිගත් අතර, අනතුරුව භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. පසුව බලකාධිපති විසින් මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වන ලදී.

අනතුරුව, සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගී වීමට පෙර, බලකාධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. පසුව, එදින වැඩකටයුතු අවසන් කරමින් බලකාධිපති විසින් භට පිරිස් අමතමින් ඔවුන්ගේ සේවය හා කැපවීම අගය කරන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගි වූහ.