භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ නව ආඥාපති සිය ධූරයේ රාජකාරී අරඹයි

භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ 38 වන ආඥාපති ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් සී කළුතරආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ඔක්තෝබර් මස 09 දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී සිය ධූරයේ රාජකාරීන් භාර ගනු ලැබීය.

මෙම අවස්ථාවට එම මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.