11th October 2025
57 පාබල සේනාංකයේ 19 වන සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරල් කේ.එම්.වී කොඩිතුවක්කු ndu 2025 ඔක්තෝබර් මස 08 එම සේනාංකයේදී ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධූරයේ රාජකාරින් භාරගනු ලැබීය.
කඳවුරු පරිශ්‍රය වෙත පැමිණි නව සේනාංකාධිපතිව එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් විසින් පිළිගත් අතර, පසුව 9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් නව සේනාංකාධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ සහ කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී.
ඉන් පසුව, නව සේනාංකාධිපති 57 පාබල සේනාංකයේ සියලුම නිලයන් අමතමින් තම ඉදිරි දැක්ම ප්‍රකාශ කළේය. උත්සවයේ කටයුතු අවසන් කරමින් නව සේනාංකාධිපති සියලු තේ පැන් සංග්‍රහයක් සඳහාද සහභාගි විය.