වන්නි ප්‍රදේශයේ කනිෂ්ඨ නිලධාරින්ගේ වෘත්තීය ප්‍රගතිය වැඩිදියුණු කිරීම සඳහා වැඩමුළුවක් පැවැත්වේ
23rd January 2023
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ මගපෙන්වීම මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියලු කඳවුරු තුළ සේවයේ නියුතු කනිෂ්ඨ නිලධාරින්ගේ වෘත්තීය ප්‍රගතිය සහ රාජකාරි භූමිකාවන් පිළිබඳ ඔවුන් සතු දැනුම තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි පරිශ්‍රයේදී කනිෂ්ඨ නිලධාරීන්ගේ වැඩමුළුව අංක - 02 ජනවාරි මස 18 දින සිට 20 දින දක්වා පැවැත්විණි.
මෙම පාඨමාලාව සඳහා සහභාගී වූ නිලධාරින් හට භූගෝලීය තොරතුරු පද්ධති හා එහි හමුදා යෙදවුම්, භෝජනාගාර ගිණුම් තැබීම, හමුදා ලිපි හුවමාරුව, සාමාන්‍ය නීතිය, සම්බන්ධ වීමේ නීති, විනය සහ සදාචාර ව්‍යාකූලත්වයට සම්බන්ධ වැරදි සහ ක්‍රීඩා වැනි කරුණු ඔස්සේ ඔවුන් සතු දැනුම තවදුරටත් පුළුල් කරගැනීමට අවස්ථාව ලැබිණි.
56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කාරියවසම් ගේ ප්‍රධානත්වයෙන් පැවත්වූ ‘ඩයිනස් ක්ලබ්’ (diners' club) දේශනයෙන් අනතුරුව මෙම වැඩමුළුවේ සමාප්තිය සනිටුහන් කෙරිණි.