මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ බලඇණි ආධාරක අවි උපදේශක පුහුණු සංස්කරණ පාඨමාලාව සාර්ථකව අවසන්

31st January 2023

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය වෙතින් පවත්වනු ලැබූ බලඇණි ආධාරක අවි උපදේශක පුහුණු සංස්කරණ පාඨමාලා අංක - 01 (2023/01) අවසන් දින උත්සවය එම පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් චන්දන රණවීරගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා (28) දින ශ්‍රවණාගාරයේදී මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

දේශන, ඉගැන්වීම් ක්‍රමවේදයන් සහ ප්‍රායෝගික වැඩමුළුවන් ආදී විෂයය කරුණු ඇතුළත් වූ මෙම සංස්කරණ පාඨමාලාව ජනවාරි මස 10 වන දින සිට ජනවාරි මස 28 වන දින දක්වා පැවැත්වූ අතර, පාඨමාලාවට සහභාගී වූ අයවළුන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමද සිදුකරන ලදී. ඒ සඳහා නිලධාරීන් 07 දෙනෙකු සහ සෙසු නිලයින් 33 දෙනෙකු සහභාගී වූහ. අනතුරුව පාඨමාලාවේ අවසන් දින සමාප්ති දේශනය මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක විසින් සිදුකරනු ලැබූ අතර, එහිදී පාඨමාලාවේ අන්තර්ගතය පිළිබඳව දැනුවත් කරන ලදී.

යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහාය ඇතිව පාබල හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය සහ මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය එක්ව මූලික බලඇණි ආධාරක අවි පුහුණු පාඨමාලාව හදාරා ඇති නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ පුහුණු හැකියාවන් වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම පාඨමාලාව සැලසුම් කරන ලදී.