යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් භාවනා වැඩසටහනක්
21st January 2023
මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් දෙල්ගොඩ, බවුන්සෙත් භාවනා මධ්‍යස්ථානයේදී ‘සෙබල සිතට මානසික ජවය’ යන තේමාව ඔස්සේ තෙදින නේවාසික භාවනා වැඩසටහනක් පසුගිය ඉරිදා (15) දින ආරම්භ කරනු ලැබූ අතර ඒ සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු නිලධාරින් 02 දෙනෙකු සහ සෙසුනිලයින් 50 දෙනෙකු සහභාගී වූහ.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ලබාදුන් මාර්ගෝපදේශ මත මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අජිත් වික‍්‍රමසේකර විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය නඟාසිටුවීම, ශක්තිමත් කිරීම සහ ජාතිය වෙනුවෙන් කැපවීමෙන් සේවය කිරීමට ඔවුන් දිරිමත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
කැලණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍ය දියසෙන්පුර විමල හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කර්නල් රුවන් ගුණරත්න ද සහභාගී විය.