ඉපලෝගම පුහුණු පාසල වෙතින් පවත්වනු ලැබූ ආධුනික පුහුණු පාඨමාලා අංක-53 සාර්ථකව අවසන්

25th January 2023

ඉපලෝගම ආධුනික පුහුණු මධ්‍යස්ථානය වෙතින් පවත්වනු ලැබූ ආධුනික පුහුණු පාඨමාලා අංක-53, සාර්ථකව නිමකරනු ලැබු ආධුනික සෙබළුන්ගේ විසිර යාමේ පෙළපාලිය යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විසිර යන ලද ආධුනික සෙබළුන්ගේ දෙමාපියන් සහ ඥාතීන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්විණි.

උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි 21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපුල් වීරකෝන් වෙත ආධුනික සෙනීන් 471 දෙනෙකුගෙන් සමන්විත විසිර යාමේ පෙළපාලියේ හමුදා සම්ප්‍රදායානුකූල ආචාරය එතුමන් වෙත පිරිනමන ලදී.

ආධුනික පුහුණු පාඨමාලා අංක-53 හි ආධුනික සෙබල එස්.එම්.කේ.එල් බණ්ඩාර සෑම අතින්ම අතිශූර සිසුවා ලෙසත්, ආධුනික සෙබල ආර්.එච්.ඩී.එච් දර්ශන හොඳම ශාරීරික යෝග්‍යතාවය හෙබි සෙබලා ලෙසත්, ආධුනික සෙබල ඩබ්ලිව්.අයි.සී බණ්ඩාර දක්‍ෂතම වෙඩික්කරු ලෙසත් සහතිකපත් හිමිකර ගනු ලැබූහ.

භටපිරිස් වෙත පවත්වන ලද කෙටි දේශනයකින් අනතුරුව උත්සවයේ සමාප්තිය සනිටුහන් විය.