යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

30th November 2024

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නිලන්ති වනසිංහ මහත්මියගේ මඟපෙන්වීම මත 2024 නොවැම්බර් මස 22 දින මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ වාට්ටු අංක 06 හිදී පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබිය.

එම වැඩසටහන අතරතුරදී, එම රෝහලේ නේවාසික රෝගීන් වෙනුවෙන් ත්‍යාග පාර්සල් බෙදාදුන් අතර රෝගීන් 32 දෙනෙකු වෙනුවෙන් පෝෂ්‍යදායී දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමිණි.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.