සේවා වනිතා
ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මිය සහ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය හා ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එම්.ජි.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත ලෝක ළමා දිනයට සමඟාමීව 2024 ඔක්තෝම්බර් මස 14 දින සාලියපුර මිත්‍ර ළමා නිවාස පරිශ්‍රයේදී පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.
සන්නද්ධ බුද්ධි බළකා සේවා වනිතා ශාඛාවෙන් ශිෂ්‍යත්ව පරිත්‍යාග වැඩසටහනක්

සන්නද්ධ බුද්ධි බළකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ප්‍රශාදිනී රණසිංහ මහත්මියගේ මඟපෙන්වීම යටතේ ශිෂ්‍යත්ව සහ පරිත්‍යාග වැඩසටහනක් කරන්දෙණිය එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 සැප්තැම්බර් මස 03 දින පවත්වන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් සේවා වනිතා ශාඛාවෙන් සුභසාධන වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් සේවා වනිතා ශාඛාවේ සභාපතිනී වරුණි කුලතුංග මහත්මියගේ මඟපෙන්වීම යටතේ දරුණු රෝගාබාධයකට ලක්ව දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන එම බලකායේ සෙබලෙකුගේ පවුලේ සාමාජිකයන් වෙත අත්‍යාවශ්‍ය භාණ්ඩ අඩංගු වියළි සලාක පාර්සලයක් සහ රුපියල් 50,000.00 මදලක් 2024 සැප්තැම්බර් මස 04 දින පරිත්‍යාග කරන ලදී.
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවෙන් ලේ පරිත්‍යාග කිරිමේ වැඩසටහනක්

75වැනි යුද්ධ හමුදා දිනයට සමඟාමීව ලේ පරිත්‍යාග වැඩසටහනක් 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩිසී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි ගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණ.
ඉංජිනේරු සේවා බළකා නව සේවා වනිතා සභාපතිනිය ධූරයේ රාජකාරි අරඹයි

ඉංජිනේරු සේවා බළකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ලෙස අනුපමා රත්නායක මහත්මිය ආගමික වතාවත් මධ්‍යයේ එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 අගෝස්තු මස 22 දින ධූරයේ රාජකාරි ගන්නා ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් සේවා වනිතා ශාඛාව විසින් කෘත්‍රිම අත් සහ පාද ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් සේවා වනිතා ශාඛාව විසින් කෘත්‍රිම අත් සහ පාද ප්‍රදානය කිරීමේ වැඩසටහනක් 2024 ජූලි මස 28 දින වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවාවනිතා ශාඛාව මඟින් 1 ශ්‍රේණියේ දරුදැරියන් වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක්

1 ශ්‍රේණියට ඇතුළත් වන දරුදැරියන් වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි එච්.ජී. ස්වර්ණලතා මහත්මියගේ මගපෙන්වීම යටතේ 2024 ජූලි මස 27 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ දී පවත්වන ලදී.
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම මැයි මස17 දින එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
14 පාබල සේනාංක මූලස්ථානයේ නව කරණවෑමිහල විවෘත කරයි

14 පාබල සේනාංක මූලස්ථානයේ භටපිරිස් හි සුභසාධන පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් යුතුව අභිනවයෙන් ඉදිකරන ලද කරණවෑමිහල පසුගිය සඳුදා (මාර්තු මස 18) දින විවෘත කරනු ලැබීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් නව නිවසක් ඉදිකෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාව දානපතියන් පිරිසක් සමඟ එක්ව එම බලකාය යටතේ සේවයේ නියුතු ගාල්ල, ඉඳුරුව ප්‍රදේශයේ පදිංචිව සිටින ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් පසුගිය බදාදා (පෙබරවාරි මස 07) දින ප්‍රතිලාභියා වෙත පවරාදෙන ලදී.