ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ නත්තල් කැරොල් ගී වැඩසටහනක් පවත්වයි
13th December 2024
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී මනීෂා කොතලාවල මහත්මියගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා පොලිස් හේවා පුහුණු පාසලේ සහ 2 බළඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සහයෝගය ඇතිව නත්තල් කැරොල් ප්‍රසංගයක් 2024 දෙසැම්බර් මස 07 දින එම රෙජිමේන්තු පුහුණු පාසලේදී පැවැත් විය.
ඉනාමළුව ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ගීතිකා කණ්ඩාය විසින් කැරොල් ගීත ගායනාවන් මෙම අවස්ථාවට ඇතුලත් වූ අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සාමාජිකයින්ගේ දරුවන් වෙත නත්තල් සීයා විසින් නත්තල් තෑගි, කෙටි ආහාර සහ දිවා ආහාරය බෙදා දෙන ලදී.
මෙම අවස්ථාවට අධ්‍යක්‍ෂ ජනරාල් ප්‍රධාන මාණ්ඩලික සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ.එන්.ඩී. එදිරිසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එච්ඩීඑම්සී පීඑස්සී ඇතුළු එම සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද සහභාගී වූහ.