කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ගර්භනී මව්වරුන් සඳහා පරිත්‍යාග වැඩසටහනක්

20th December 2024

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සමින්දි වික්‍රමරත්න මහත්මියගේ මඟ පෙන්වීම යටතේ ගණේමුල්ල, කමාන්ඩෝ රෙජිමේන්තුවෙහි රාජකාරි කරනු ලබන සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන්ගේ ගර්භනී භාර්යාවන් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් 14 වන දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සංවිධානය කරන ලදී. එහිදී ගර්භනී මව්වරුන් දහතුන් දෙනෙකු වෙත ප්‍රතිලාභ හිමිවූහ.

මෙම වැඩසටහන සඳහා කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න ආර්එස්පී, කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන් සහභාගී වූහ.