ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරයි
28th November 2024
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දර්ශනී යහම්පත් මහත්මියගේ අධීක්‍ෂණය මත 2 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් පහළවත්ත ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ නව නිවසක් 2024 නොවැම්බර් මස 20 දින නිවාසලාභි පවුලේ සාමාජිකයන් වෙත පවරාදෙනු ලැබීය.
මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව සහ 2 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ මූල්‍ය අනුග්‍රාහකත්වය හිමිවිය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් පිරිසක් ද සහභාගී වූහ.