1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මූලිකත්වයෙන් පාසල් ළමුන් සඳහා ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

20th December 2024

1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මූලිකත්වයෙන් එම බලකායේ රාජකාරි කරනු ලබන සෙසුනිලයන්ගේ සහ සිවිල් සේවක මහතුන්ගේ පාසල් අධ්‍යාපනය ලබන ළමුන් 147 දෙනෙකු සඳහා ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 15 වන දින පනාගොඩ, 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා මූලස්ථානයේදී සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී චන්දි රාජපක්‍ෂ මහත්මිය සහභාගී වූවාය.

යුද්ධ හමුදා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.කේ. රාජපක්‍ෂ ආර්එස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, සිවිල් සේවක මහතුන්, ළමුන් සහ ඔවුන්ගේ දෙමාපියන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.