රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාවේ සුබසාධන ව්‍යාපෘති සඳහා අරමුදල් රැස්කිරීමේ අරමුණින් වේදිකා නාට්‍යයක්

3rd December 2024

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් 2024 නොවැම්බර් මස 30 දින මිහිර සිරිතිලක මහතා විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ‘කෝ කුක්කෝ’ වේදිකා නාට්‍යය ඇඹිලිපිටිය ඩී.ඒ. රාජපක්‍ෂ අනුස්මරණ ශාලාවේදී පැවැත්විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.කේ.ජී.පී.එස්.කේ. අබේසිංහ සමඟින් එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි තුෂාරි අබේසිංහ මහත්මිය සහභාගී විය.

යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාවේ සුබසාධන ව්‍යාපෘති සඳහා අරමුදල් රැස්කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවට එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.