සේවා වනිතා
ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ධූරයේ රාජකාරි අරඹයි

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස දිල්රුක්‍ෂි විමලරත්න මහත්මිය 2024 නොවැම්බර් මස 23 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මාසික රැස්වීම පවත්වයි

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මාසික රැස්වීම ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සමින්දි වික්‍රමරත්න මහත්මියගේ මඟපෙන්වීම යටතේ 2024 නොවැම්බර් මස 16 දින පවත්වන ලදී.
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානය යටතේ රාජකාරියේ නියුතු භටපිරිස් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග වැඩසටහනක් එම මූලස්ථාන බහුකාර්ය ශාලාවේදී 2024 ඔක්තෝබර් මස 30 දින පවත්වනු ලැබීය.
14 රොකට් රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

14 රොකට් රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව සහ සිල්වර්මිල් පදනම ඒකාබද්ධව 2024 ඔක්තෝබර් මස 24 දින කාලංකුට්ටිය ප්‍රදේශයේදී පරිත්‍යාග වැඩසටහනක් පැවැත්වීය. එහිදී, පවුල් සුබසාධනය සහ තිරසාර බව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ගර්භනී මව්වරුන් 20 දෙනෙකු වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් සහ ගොවි මහතුන් 80 දෙනෙකු වෙනුවෙන් පොල් පැළ 700 ක් පරිත්‍යාග කෙරිණි.
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මාසික මහසභා රැස්වීම පැවැත්වේ

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මාසික මහසභා රැස්වීම 2024 ඔක්තෝබර් මස 29 දින දඹුල්ල ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ 106 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අභිමානවත් 106 වන සංවත්සර දිනයට සමගාමීව එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව වෙතින් 2024 ඔක්තෝම්බර් මස 30 දින පනාගොඩ, ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී බෝධි පූජාවක් පැවැත්වීය.
අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කළ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනිගේ කාර්යාලය විවෘත කරයි

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරනු ලැබූ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනිගේ කාර්යාලය එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නිලන්ති වනසිංහ මහත්මියගේ සුරතින් 2024 ඔක්තෝබර් මස 29 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී නිල වශයෙන් විවෘත කෙරිණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ගර්භනී මව්වරුන් වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාව වෙතින් එම බලකාය යටතේ සේවයේ නියුතු ගර්භනී යුද්ධ හමුදා සාමාජිකාවන් සහ කරන්දෙණිය ප්‍රදේශය අවට ගම්මානවල වෙසෙන ගර්භනී මව්වරුන් සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත පාර්සල් 50 ක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 ඔක්තෝබර් මස 26 දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී ක්‍රියාත්මක කෙරිණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් විශේෂ ළමා ක්‍රියාකාරකම් දිනයක් පවත්වයි

ලෝක ළමා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි තුෂාරි අබේසිංහ මහත්මියගේ මඟපෙන්වීම මත ඔක්තෝබර් මස 26 දින පනාගොඩ පිහිටි යුද්ධ හමුදා ශාරීරික පුහුණු අධ්‍යයන මධ්‍යස්ථානයේදී විශේෂ ළමා ක්‍රියාකාරකම් දිනයක් පැවැත්විණි.
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවෙන් ළමා දින සැමරුම් උත්සවයක් සංවිධානය කරයි

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි රුද්‍රිගෝ මහත්මියගේ මඟපෙන්වීම මත අවශ්‍යතා ඇති එම රෙජිමේන්තු සෙසු නිලයන්ගේ දරුවන් සඳහා පරිත්‍යාග වැඩසටහනක් 2024 ඔක්තෝබර් මස 18 දින 4 කාරක රෙජිමේන්තුව කාලතුවක්කු හමුදා ශ්‍රවණාගාරයේදී සංවිධානය කරන ලදී.