ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ මාසික මහා සභා රැස්වීම සාර්ථකව පවත්වයි
27th November 2024
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ මාසික මහා සභා රැස්වීම 2024 නොවැම්බර් මස 23 දින පල්ලෙකැලේ පිහිටි ශ්‍රී ලංකා රයිෆල් බලකා සහ ශ්‍රී ලංකා පුරෝගාමී බලකා සම්බන්ධීකරණ මූලස්ථානයේදී පැවැත්විණි.
යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි එච්.ජී ස්වර්ණලතා මහත්මිගේ ප්‍රධානත්වයෙන් මෙම මාසික මහා සභා රැස්වීම පැවැත්වීය. එහිදී භටපිරිස්හි සුබසාධන කටයුතු, භටපිරිස්හි හා සිවිල් සේවක මහතුන්ගේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම සහ භටපිරිස්හි හා සිවිල් සේවක මහතුන්ගේ ආර්ථික අපහසුතාවයන්ට සහන සැලසීම පිළිබඳව සාකච්ඡා කරන ලදී.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහභාගී වූහ.