ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය රාජකාරි අරඹයි
11th December 2024
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස අප්සරා පීරිස් මහත්මිය 2024 දෙසැම්බර් 10 වන දින එම බලකා සේවා වනිතා කාර්යාලයේදී ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී..
සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව එතුමිය ඉදිරි සුබසාධන වැඩසටහන් පිළිබඳව අවධානය යොමු කරමින් එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සමඟින් සුහඳ සාකච්ඡාවක නිරත වූහ..
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගී වූහ..