613 වන බලසේනාවේ 12 වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරේ
5th February 2023
කඹුරුපිටිය ප්‍රදේශයේ පිහිටි 613 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඉන්දික ජයවීර ගේ මඟපෙන්වීම යටතේ එම බලසේනාවේ අභිමානවත් 12 වන සංවත්සර දිනය වෙනුවෙන් පසුගිය සිකුරාදා (20) දින හමුදා සම්ප්‍රදායානුකූලව ප්‍රජා මූලික ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරනු ලැබිණි.
සංවත්සරය දිනය එළඹීමට ප්‍රථම එම බලසේනාවේ භටපිරිස් විසින් පසුගිය බ්‍රහස්පතින්දා (19) දින මාතර ප්‍රදේශයේ ස්ථාපිත ‘නෙත් නැණ’ ළමා නිවාසයේ නේවාසික ළමුන් 28 දෙනෙකු වෙත ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමෙන් අනතුරුව රුපියල් 30,000.00 ක වටිනාකමකින් යුත් සනීපාරක්‍ෂක ද්‍රව්‍ය පරිත්‍යාගයක් ද සිදුකරනු ලැබිණි.
සංවත්සර දිනයේදී 613 වන බලසේනා මූලස්ථානය වෙත සපැමිණි බලසේනාධිපතිතුමන් එම බලසේනාවේ භටපිරිස් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් විසින් මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පොල් පැළයක් ද රෝපණය කළේය. අනතුරුව භටපිරිස් ඇමතූ එතුමන් උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් පැවති දිවා භෝජන සංග්‍රහයක් සඳහා ද සහභාගී විය.