23 වන පාබල සේනාංකයේ භටපිරිස් ‘මහ’ කන්නයේ වී අස්වැන්න නෙළා ගනී

12th February 2023

පූනායි ප්‍රදේශයේ ස්ථාපිත 23 වන පාබල සේනාංකයේ රාජකාරියෙහි නියුතු භටපිරිස් විසින් ‘මහ’ කන්නයේ වපුරන ලද අක්කර 50ක වී වගාවේ අස්වැන්න පසුගිය බ්‍රහස්පතින්දා (09) දින නෙළා ගනු ලැබූහ.

23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ෂෙවාන්ත් කුලතුංග ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේදී චාරිත්‍රානුකූලව මෙම වී අස්වනු නෙලීම ආරම්භ කරනු ලැබීය.

වී අස්වනු නෙලීමේ උත්සව අවස්ථාව සඳහා 23 වන පාබල සේනාංකයේ නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක්ද සහභාගී වූහ.