පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටුවේ සභාපති නුවරඑළියේ නිල සංචාරයක
13th February 2023
පස් දින නිල සංචාරක් සඳහා මෙරටට පැමිණි පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටුවේ සභාපති ජෙනරල් සහීර් ෂම්ෂාඩ් මිර්සා එච්අයි (එම්) (General Sahir Shamshad Mirza, HI (M) ) පසුගිය සෙනසුරාදා (11) දින නුවරඑළිය ප්‍රදේශයේ නිල සංචාරයක් සඳහා සහභාගී වූ අතර, එහිදී ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් මොහාන් රත්නායක විසින් එතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
එම සංචාරයේදී ජෙනරල් සහීර් ෂම්ෂාඩ් මිර්සා එච්අයි (එම්) පිදුරුතලාගල සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය සහ එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන කිහිපයක් ද නැරඹීමට මේජර් ජෙනරල් මොහාන් රත්නායක සමඟින් එක් විය.
සංචාරය අවසානයේ දී මෙරට යුද්ධ හමුදාව සහ පාකිස්ථාන යුද්ධ හමුදාව අතර ඇති සුහදත්වය සංකේතවත් කරමින් මේජර් ජෙනරල් මොහාන් රත්නායක සහ ජෙනරල් සහීර් ෂම්ෂාඩ් මිර්සා එච්අයි (එම්) අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.
මෙම අවස්ථාව සඳහා 112 වන බලසේනාවේ බලසේනාධිපති සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.