පස්කන්දක් කඩාවැටිමෙන් අඩපන වූ උඩරට දුම්රිය සේවා නැවත ආරම්භ කිරීමට භට පිරිස් සහාය වේ
30th November 2017
දුම්රිය දෙපාර්තමේන්තුවේ හදිසි ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් 50 කට වැඩි පිරිසක් විසින් ඊයේ (29) උදෑසන බදුල්ල දිස්ත්‍රික්කයේ ඔහිය සහ ඉදල්ගස්සින්න අතර දුම්රිය මාර්ගය අවහිර කරමින්කඩා වැටි තිබූ පස් කන්ද ඉවත්කිරීමට කටයුතු කරන ලදි.
අඟහරුවාදා (28) දින සන්ධ්‍යාවේ මෙම පස් කන්ද කඩා වැටි තිබූ ප්‍රදේශය අවට මඩ තැන්පත් වී ගමන් මාර්ගය අවහිර වි තිබූ අතර,එම ස්ථානයට පැමිණිම සඳහා වෙනත් මාර්ගයක් නොතිබු හෙයින් භට පිරිස් දුම්රිය සේවකයින් සමගින්දුම්රියකින් අදාල ස්ථානයට පැමිණ තිබුණි.
ඊයේ (29) දින දහවල් වන විට යුද්ධ හමුදා භට පිරිස් දුම්රිය සේවකයින්ගේ ද සහායෙන් පස් කන්ද කඩා වැටිමෙන් මඩ තැන්පත් වී අවහිර වි තිබූ උඩරට දුම්රිය මාර්ගය යථාතත්වයට පත් කරන ලද අතරතවදුරටත් පස් කඳු කඩා වැටි අවහිර වී ඇති එම මාර්ගයේ යුද්ධ හමුදාභට පිරිස් ආපදා මෙහෙයුම් හි නිරතව සිටියි.
|