මුල් පුවත්

Clear

ජාතික වෙසක් උත්සවය පැවැත්වීම සඳහා කූරගල විහාරස්ථානයේ ඇති සූදානම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිරීක්‍ෂණයට

2022-03-04

දීර්ඝ කාලයක් අළුත්වැඩියා කටයුතු සිදුකර නොතිබූ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ක්‍රිස්තු පූර්ව 2 වන සියවසට අයත් බලංගොඩ පූරගල රජමහා විහාරස්ථානය හෙවත් කූරගල ලෙන් ආශ්‍රමය සම්පූර්ණ ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව අතිගරු ජනාධිපතිතුමන්ගේ සහ බුද්ධ ශාසන අමාත්‍ය ධූරය ද හොබවන ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ උපදෙස් මත මෙවර ජාතික වෙසක් උත්සවය මෙම පෞරාණික විහාරස්ථාන පරිශ්‍රයේ පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇත.


74 වන ජාතික නිදහස් දිනය මහත් අභිමානයෙන් යුතුව උත්සවශ්‍රියෙන් සමරයි

2022-02-04

මවුබිමේ සෞභාග්‍යය, සාමය, සංහිඳියාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ අධීෂ්ඨානශීලී කැපවීම තවදුරටත් පිළිබිඹු කරමින් ‘අභියෝග ජයගත් අසිරිමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මවුබිමක්’ යන තේමාව පෙරටු කරගනිමින් 74 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (04) දින උදෑසන නිදහස් චතුරස්‍ර...


සන්නද්ධ බුද්ධි බළකායේ 29 වැනි සංවත්සරය අති උත්කර්ෂවත් අයුරින් සමරයි

2022-01-22

සන්නද්ධ බුද්ධි බළකායේ 29 වැනි සංවත්සර සැමරුම සහ සන්නද්ධ බුද්ධි බළකායේ යුද්ධයෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන්ගේ ගුණානුස්මරණය කිරිම අද (21) දින අම්බලන්ගොඩ කරන්දෙණියේ පිහිටි සන්නද්ධ බුද්ධි බලකා මූලස්ථානයේදී පවත්වන ලදී.


අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කූරගල ඇසිදිසි සුගත මහා සෑයේ පූජා වස්තු තැන්පත් කෙරේ

2022-01-16

කූරගල ඓතිහාසික පුදබිමෙහි පිහිටා ඇති ඇසිදිසි සුගත මහා සෑයේ පූජා වස්තු සහ පුරාවස්තු තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවය ඉරිදා (16) දින සන්ධ්‍යාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සමඟින් ජනාධිපති ආර්යා අයෝමා රාජපක්‍ෂ මැතිණියගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි. බලංගොඩ හෝමෝ සේපියන්ස් ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට පැවත එන කල්තොට, කූරගල ආරණ්‍ය සේනාසනයේ...


2022 වර්ෂය සාමය, සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා !

2021-12-31

උදාවූ 2022 නව වසර සෞඛ්‍ය සම්පන්න, සෞභාග්‍යමත් හා ප්‍රීතිමත් නව වසරක් වේවායි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු යුද්ධ හමුදාවේ සියලුම නිලධාරීන්, සෙසුනිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය ප්‍රාර්ථනා කරයි !


එළඹෙන නව වසර වෙනුවෙන් යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානිගේ සුබපැතුම්

2021-12-29

උතුරු ප්‍රදේශයේ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබන්නා වූ නව වසර වෙනුවෙන් සුභපැතුම් පිරිනැමීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (29) දින උදෑසන යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත විය.


එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරි යටතේ දකුණු සුඩානයේ පවත්වාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලෙහි රාජකාරි සඳහා 8 වන ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම දිවයිනෙන් පිටව යාමට සැරසෙති

2021-12-24

දකුණු සුඩානයේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් පවත්නාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලෙහි සාමසාධක රාජකාරී සඳහා පිටත්ව යාමට නියමිත 8 වන ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම අද (24) දින උදෑසන වේරහැර පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත සිය ගෞරවාචාරය පිරිනැමූහ.


යුද්ධ හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය අති උත්කර්ෂවත් අන්දමින් නෙළුම් පොකුණ රඟහලේදී

2021-12-22

ප්‍රීතිමත් නත්තලේ උදාව සනිටුහන් කරමින් යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමය විසින් සංවිධානය කරනු ලැබු ‘යුද්ධ හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය’ බදාදා (22) දින පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි. යුද්ධ හමුදා ගායන කණ්ඩායමේ සහ තූර්ය වාදක කණ්ඩායමේ විචිත්‍රවත් සංගීතාස්වාදයෙන් වර්ණවත් වු මෙම ප්‍රසංගයට කිතුනු පූජකවරුන්, සම්භාවනීය අමුත්තන් සහ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගි වූහ.


ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ‘වර්ණ රාත්‍රිය’ අති උත්කර්ෂවත් අයුරින් නෙලුම් පොකුණ රඟහලේදී

2021-12-13

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරින් සහ සෙසුනිලයින්ගේ ක්‍රීඩා කෞෂල්‍යන් ඇගයීමට ලක් කිරීමේ අරමුණින් වාර්ෂිකව පවත්වනු ලබන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ‘වර්ණ රාත්‍රිය’ ඉකුත් ඉරිදා (12) දින නෙලුම් පොකුණ රඟහලේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.


ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි අභාවප්‍රාප්ත ඉන්දීය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානිගේ දේහයට අවසන් ගෞරව දක්වයි

2021-12-11

අභාවප්‍රාප්ත ඉන්දීය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් බිපින් රාවට් (General Bipin Rawat) සහ එතුමන්ගේ භාර්යාව වන මධුලිකා රාවට් මැතිණියගේ (Mrs Madhulika Rawat) දේහයන් පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිකුරාදා (10) දින පස්වරුවේ ඉන්දීයාවේ නවදිල්ලි නුවර, ධවුලා ක්වාන් (Dhaula Quan) පිහිටි බ්‍රාර් ආදාහනාගාරයේදී සිදුකෙරිණි.