මුල් පුවත්
73 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී සර්ව රාත්‍රික ආශීර්වාද ‘පිරිත් සජ්ඣායනයක්’

ඔක්තොම්බර් මස 10 දිනට යෙදෙන 73 වන යුද්ධ හමුදා සංවත්සරය සහ යුද්ධ හමුදා දිනය වෙනුවෙන් ආශිර්වාද පතා සංවිධානය කරනු ලබන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් ගෞරුතර මහා සංඝරත්නය භක්ත්‍යාදරයෙන් ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානය වෙත වැඩම කරවීමෙන් සිකුරාදා (07) දින බුද්ධාලම්භන ප්‍රීතියෙන් පැවැත්විණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 73 වන සංවත්සර සැමරුමට ආශීර්වාද එක් කිරීමේ තෙවන ආගමික වැඩසටහන ශ්‍රී දළදා මාලිගාවේදී ඇරඹේ

ඔක්තෝබර් මස 10 දිනට යෙදී ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 73 වන සංවත්සර දිනයට ආශිර්වාද එක් කිරිමේ සහ ධජයන්ට සෙත් පැතීමේ තෙවන ආගමික උත්සවය අද (28) දින පෙරවරුවේ ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාරීරික සර්වඥ ධාතූන් වහන්සේලා වැඩසිටින ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්විණි.
රන් අස්වනු නෙලීමේ මංගල්‍යය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානය අසල අක්කර 12 ක භූමි ප්‍රමාණයක අස්වැද්දූ කුඹුරු යායේ වී අස්වනු නෙලීමේ ‘රන් අස්වනු නෙලීමේ මංගල්‍යය’ අද (16) දින සම්ප්‍රදායානුකූල චාරිත්‍ර සහ ආගමික වතාවත් වලට මුල්තැනක් දෙමින් සිදුකරනු ලැබූ අතර, එම උත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
‘විකුම්පුර’ ගම්මානයේ නිර්මාතෘ සිය මතකයන් අවදි කරමින්, එම ගම්වැසියන් හමුවී ඔවුන් වෙත වියළි සලාක පාර්සල් පරිත්‍යාග කරයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 542 බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි කළ කාලසීමාව තුළ එම බලප්‍රදේශය තුළ එතුමන්ගේ උපදෙස් මත දියත් කළ ව්‍යාපෘතීන් සිඇසින් දැකගැනීමේ අරමුණින් ඉකුත් සෙනසුරාදා (20) දින එහි සංචාරයක නිරත විය. එහිදි විකුම්පුර ආදර්ශ ගම්මානයේ ගම්වැසීන් හමුවූ යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන් සමග සුහඳව අදහස් හුවමාරු කරගත්තේය. යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ආරම්භ කරනු ලැබු මෙම නිවාස ව්‍යාපෘතිය විකුම්පුර ආදර්ශ ගම්මානය නමින් නම්කරන ලදී.
යුද්ධ හමුදා ක්‍රීඩා, පැරා මළල ක්‍රීඩා සහ ආධුනික ක්‍රීඩා උළෙල සාර්ථකව අවසන් වෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා ක්‍රීඩා උළෙල, 23 වන අන්තර් රෙජිමේන්තු යුද්ධ හමුදා පැරා මළල ක්‍රීඩා ශූරතාවලිය සහ අන්තර් රෙජිමේන්තු ආධුනික ක්‍රීඩා උළෙල - 2022 ත්‍රෛපාර්ශ්වික ඒකාබද්ධ ක්‍රීඩා උළෙලෙහි අවසන් මහා තරඟ සහ ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවය අද (04) දින පස්වරුවේ දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි.
යුද්ධ හමුදාව ශ්‍රී දළඳා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර ආලෝකමත් කිරීමට ‘කොප්පරා’ පූජා කරති

ඉපැරණි සම්ප්‍රදායන් අනුව මහනුවර ශ්‍රී දළඳා මාලිගාව මගින් වාර්ෂිකව පවත්වන ඇසළ පෙරහැර මංගල්‍යයට ගෞරවයක් ලෙස, පෙරහැර විදී සංචාරය කරන මාර්ග ආලෝකමත් කිරීම සඳහා ශ්‍රී දළදා මාලිගාව වෙත යුද්ධ හමුදාව විසින් අඛන්ඩව 9 වන වරටත් කොප්පරා ටොන් 15 ක ප්‍රමාණයක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් අද (29) දින පැවැත්වූ උත්සවයකදී දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා වෙත පිළිගන්වන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයට නව පරිපාලන ගොඩනැගිලි සංකීර්ණයක්

කොස්ගම, සාලාව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය නව සන්දිස්ථානයක් සනිටුහන් කරමින්, මීට වසර කීපයකට පෙර එම මූලස්ථාන පරිශ්‍රයේ අහඹු ලෙස සිදුවූ පිපිරීමක් හේතුවෙන් විනාශයට පත් පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය නවතමයෙන් ඉදිකරන ලද අතර, එය විවෘත කිරීමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සෙනසුරාදා (23) දින සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ එම මූලස්ථානයේ හමුදා සාමාජිකයින් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී.
ආහාර සුරක්‍ෂිතතා ව්‍යාපෘතිය ආරම්භ කිරීමට යුද්ධ හමුදාවෙන් නව මෙහෙයුම් කමිටුවක්

ජාතික සහ කාලීන වැදගත්කමකින් යුත් තවත් විශාල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සූදානම් වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව බ්‍රහස්පතින්දා (16) දින යුද්ධ හමුදා හරිත කෘෂිකර්ම මෙහෙයුම් කමිටුව ස්ථාපිත කරන ලදී. මෙම කමිටුව තුලින් දිවයින පුරා ඇති වගා නොකල අතහැර දමා ඇති රජයේ ඉඩම් අක්කර 1500 කට අධික ප්‍රමාණයක් කෘෂිකාර්මික කටයුතු වලට යොදාගනිමින් දිවයිනේ ආහාර සුරක්‍ෂිතතා වැඩසටහන ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වේ.
යුද්ධ හමුදාධිපති මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැදපුදාගෙන මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගනී

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වැනි යුද්ධ හමුදාධිපති වශයෙන් අභිනවයෙන් පත් වූ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව පසුගිය සෙනසුරාදා (11) දින පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී ජානකී ලියනගේ මැතිණිය සහ පවුලේ සාමාජිකයින් ද එක් වූහ.
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සම්බන්ධීකරණය මත උසස් අධ්‍යාපන වරම් ලද දූ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමේ

යුද්ධ හමුදා ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ සමගාමීව ක්‍රියාත්මක කරනු ලබන සුවිශේෂී සුබසාධන ව්‍යාපෘතීන්හී තවත් එක් අදියරක් ලෙස යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය ධූරයෙන් නික්ම යාමට පෙර අද (30) පස්වරුවේ යුද්ධ හමුදා පවුල්වල විශ්වවිද්‍යාල ප්‍රවේශ ලබා ඇති දරු දැරියන් හට යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත කැඳවා ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය විසින් හඳුන්වාදෙනු ලබන නව ‘SLT Mobitel’ පැකේජයක් සහ ශිෂ්‍යත්ව මාලාවක් පිරිනමනු ලැබීය.