මුල් පුවත්

Clear

මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා තවත් හමුදා කණ්ඩායමක් දිවයිනෙන් පිටව යයි

2022-05-24

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 243 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම - මාලි (Combat Convoy Company) හී යුද්ධ හමුදා සාමාජිකයින් 100 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම අද (23) දින සන්ධ්‍යාවේ දිවයිනෙන් පිටත්වූහ.


13 වන රණවිරු සැමරුම් දිනයේ රණවිරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ වීරත්වය ඇගයේ

2022-05-19

රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ ස්වාධීනත්වය උදෙසා සිය වටිනා ජීවිත පරිත්‍යාග කළ යුද්ධ, ගුවන් හා නාවික හමුදාවන්හී, පොලීසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ විරෝදාර රණවිරුවන්ගේ සදාතනික මතකයන් සහ වීරත්වය ඇගයීම සඳහා වන ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) දින පෙරවරුවේ බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.


රණවිරු සැමරුම් දිනයේදී ‘මිහිඳු සෙත් මැදුර’ නේවාසික රණවිරුවන්ගේ රණකාමීත්වය ඇගයේ

2022-05-18

මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් සිදුකරනු ලැබූ මානුෂීය මෙහෙයුමේදී රණක්‍ෂිතයට පත්ව නේවාසිකව ප්‍රතිකාර හා පුනරුත්ථාපන කටයුතුවල නිරතව සිටින වීරෝදාර රණවිරුවන් වෙත රණවිරු අනුස්මරණ දිනයේදී ප්‍රමුඛත්වයක් ලබාදෙමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජිවා නෙල්සන් මැතිණිය මැයි මස 18 දින අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’ සුවතා නිකේතනයේ සංචාරයක නිරත විය.


‘ආර්ථික අපහසුතා වලින් ජයගැනීමට මෙම පුණ්‍ය කටයුතුවල ආශිර්වාදය ලැබේවායි’ යුද්ධ හමුදාධිපතිතුමන් කූරගල විහාරස්ථානයේදී ප්‍රාර්ථනා එක් කරයි

2022-05-15

සබරගමුව පළාතේ පිහිටා ඇති කූරගල රජමහා විහාරස්ථානය නමින් ප්‍රකට පුරාණ බෞද්ධ ආරාමය, ඓතිහාසික ලෙන් විහාරය වසර 2300 කට අධික ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියයි. පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන නාහිමිපාණන්ගේ අනුපමේය කැපවීමෙන් හ‍ා සැදැහැවත් බෞද්ධ බැතිමතුන්, යුද්ධ හමුදා සාමාජිකයින් ප්‍රමුඛ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ ශ්‍රම දායකත්වය තුලින් මෙම බෞද්ධ විහාරස්ථානය වෙත වසරකට අඩු කාලයක් තුල නව පුනර්ජීවයක් ලැබීය.


සියලු ලෝකවාසීන් හට නිදුක් නිරෝගීමත් වන පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!

2022-05-14

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රමුඛ යුද්ධ හමුදාවේ සියලු නිලධාරින් සහ සෙසුනිලයන් විසින් සියලු ලෝකවාසීන් වෙත ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබෙන සාමය සතුට පිරි සුබ වෙසක් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරයි!


යාපනය අර්ධද්වීපයේ ඉදිකළ නව CIMIC උද්‍යානය මහජනතාවට පරිත්‍යාග කෙරේ

2022-05-08

සිවිල් වැසියන් සහ යුද්ධ හමුදාව අතර පවතින සුහදත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් ‘යුද්ධ හමුදා ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ ට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංක මූලස්ථානය විසින් සිවිල් ජනතාවට ක්‍රීඩා, විනෝදාස්වාදය සහ අධ්‍යාපනික කටයුතු සඳහා භාවිතා කිරීම වෙනුවෙන් ඉදිකරනු ලැබූ CIMIC උද්‍යානය ඉරිදා (08) දින කෝපායි ප්‍රදේශයේ පැවති උත්සවයකදී යාපනය ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ජනසතු කරන ලදී.


යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති ‘ඉෆ්තාර්’ උත්සවය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් එක්වෙයි

2022-04-30

ආගමික සහයෝගීතාවය හා මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දෛනික රාමදාන් උපවාස කාලය අත්හැරීමෙන් පසු ඉස්ලාම් භක්තික නිලධාරීන් සහ සෙසුනිලයින් විසින් සිදුකරනු ලබන ‘ඉෆ්තාර්’ ආගමික චාරිත්‍ර වාරිත්‍ර සිදුකිරීමේ උත්සවය සිකුරාදා (29) දින පස්වරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.


107 වන ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත රණවිරු අනුස්මරණ දින උත්සවයට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි එක්වෙයි

2022-04-25

ලංකා වැවිලිකරුවන්ගේ රයිෆල් බළකා සාමාජිකයින්ගෙන් සමන්විත ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත ඒකාබද්ධ යුද්ධ හමුදාවන්හී පරාර්ථකාමී හා රණකාමී විරුවන්ගේ දීර්ඝකාලීන අතීත මතකයන් යලි ආවර්ජනය කිරීම උදෙසා ශතවර්ෂයක් පුරා පවතින සබඳතාවයන් ද පිළිබිඹු කරමින් 107 වන Anzac දිනය වෙනුවෙන් අද (25) දින ‘Australia House’ හිදී උදෑසන දේව මෙහෙයක් පවත්වන ලදී.


“සාමකාමී මහජනතාවට බාධාවන අයුරින් කිසිදු ක්‍රියාකාරකමක් සිදුකිරීම, එයට අනුබල දීම හෝ ඒ සඳහා සූදානම් වීමක් යුද්ධ හමුදාවේ නොමැති බව” ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති පවසයි

2022-04-18

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාවෙන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් අද (18) දින පෙරවරුවේ සම්ප්‍රදායානුකූලව සියලු නිලයන් ඇමතීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූවේය.


“ඔබේ අමිල පරිත්‍යාගයන් කිසිවකුටත් හෑල්ලුවට ලක්කිරීමට නොහැකි බව” ‘අභිමංසල’ සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන් හමුවේ යුද්ධ හමුදාධිපතිතුමන් පවසයි

2022-04-13

ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස සුරැකීමේ ඒකායන පරමාර්ථය පෙරදැරිව තම ජීවිතය සහ අත් පා පුදකරමින් එදා යුදබිමේ සතුරාට එරෙහිව සටන්වැදුනු ආකාරයත්, යුද බිමේදී දැක්වූ නිර්භීතකම සහ උත්තරීතර පරිත්‍යාගයන් යළි ආවර්ජනය කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අප්‍රේල් මස 13 දින සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාවට ප්‍රථම ‘අභිමංසල’ සුවතා නිකේතනයේ සංචාරයක නිරත වෙමින් එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසා බලනු ලැබීය.