මුල් පුවත්

Clear

විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයන්ට විදේශීය රැකියා අවස්ථා උදාකරදීමේ අරමුණින් මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ පාඨමාලාව ඇරඹේ

2023-01-09

විශ්‍රාම ගැනීමෙන් අනතුරුව විදේශ රටවල රැකියා අවස්ථා උදාකරදීමේ අරමුණින් විශ‍්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් සකසන ලද ‘මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ පාඨමාලා අංක - 1’ සමාරම්භක උත්සවය අද (09) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගි විය.


භටකාර්ය සම්පාදක මාණ්ඩලික පාඨමාලාව - අංක 8 (LSC) සාර්ථකව හදාරනු ලැබූ නිලධාරීන් 31 දෙනෙකු වෙත උපාධි පිරිනමයි

2022-12-10

ත්‍රිකුණාමලය භටකාර්ය සම්පාදක පුහුණු පාසල වෙතින් වසරක කාලයක් මුළුල්ලේ පවත්වනු ලැබූ භටකාර්ය සම්පාදක මාණ්ඩලික පාඨමාලාව - අංක 8 (LSC) සාර්ථකව හදාරනු ලැබූ මෙරට යුද්ධ හමුදාවේ නිලධාරීන් විසිහයදෙනෙකු, නාවික හමුදාවේ නිලධාරීන් දෙදෙනෙකු, ගුවන් හමුදාවේ එක් නිලධාරීයෙකු, බංගලාදේශ හමුදාවේ එක් නිලධාරියෙකු සහ නේපාල හමුදාවේ එක් නිලධාරියෙකු ඇතුළුව මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන් 31 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වෙත උපාධි පිරිනැමීමේ ප්‍රදානෝත්සවය පසුගිය සිකුරාදා (09) දින කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබිණි.


යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ‘පීඑස්සී’ මාණ්ඩලික පාඨමාලා අංක 16 හැදෑරූ උපාධි අපේක්‍ෂකයින් අමතයි

2022-12-09

සපුගස්කන්ද, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ‘පීඑස්සී’ මාණ්ඩලික පාඨමාලාවේ උපාධි අපේක්‍ෂක නිලධාරින් ආමන්ත්‍රණය කිරීම යුද්ධ හමුදාධිපති විසින් සම්ප්‍රදායානුකූලව සිදුකරනු ලබයි. ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට අණ සහ මාණ්ඩලික ශිල්පීය ක්‍රම පිළිබඳ දැනුම ලබාදෙමින් අනාගතයේ එම නිලධාරින් විවිධ තනතුරු හෙබවීමේදී සහ අභියෝගවලට මුහුණදීමේදී ඵලදායි අයුරින් කටයුතු කිරීමේ ගුණාංග ප්‍රවර්ධනය කරනු ලබන ශ්‍රී ලංකාවේ...


විදේශ විනිමය ඉතිරිකිරීමේ අරමුණින් යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් යුධෝපකරණ නිෂ්පාදනාගාරය වේයන්ගොඩදී යලි ස්ථාපිත වෙයි

2022-12-08

‘යුද්ධ හමුදා ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ ට සමගාමීව අත්‍යවශ්‍ය යුද උපකරණ නිෂ්පාදනය නව මාවතකට යොමුකිරීම සහ විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කරගැනීමේ අරමුණින් කෙටි කාලයක් තුළ යුද්ධ හමුදාවේ යුද්ධෝපකරණ අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා යලි ස්ථාපිත කරන ලද යුද්ධ හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාව වේයන්ගොඩ ප්‍රදේශයේ පිහිටි මධ්‍යම අවි හා පතුරොම් ගබඩා පරිශ්‍රයේදී අද (8) දින විවෘත කරන ලදී.


කමාන්ඩෝ භටයින් 372 ක් ‘මෙරූන් හිස්වැසුම’ පැළඳ විසිරයයි

2022-11-27

කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාඨමාලා අංක 50 - ඒ, බී, සී,ඩී,ඊ හා එෆ් යටතේ පුරා මාස 18 කට අධික කාලයක් ක්‍රියාන්විත උපායමාර්ගයන් පිළිබඳ විශිෂ්ඨ වු පුහුණුවක් හැදෑරු සුවිශේෂී වුත් හැකියාවන්ගෙන් යුත් නිලධාරින් 06 දෙනෙකු සහ සෙසුනිලයින් 366 දෙනෙකුගේ විසිරයාමේ උත්සවය පසුගිය සෙනසුරාදා (26) දින කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.


සඳහිරු සෑ රඳුන් අභියස ප්‍රථම කඨින පූජෝත්සවය ආරක්‍ෂක අංශ සාමාජිකයන්ගේ බැතිබර දායකත්වයෙන්

2022-11-04

මව්බිමේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ ත්‍රිවිධ හමුදා රණවිරුවන්, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක බලකායේ විරෝදාර රණවිරුවන් සිහිකිරීම, රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට ආශිර්වාද එක් කිරීම සහ තිස් වසරක යුද්ධයේ නිමාව සනිටුහන් කරමින් අනුරාධපුරයේ ඉදිකල සඳහිරු සෑ චෛත්‍ය රාජ්‍යාණන් වහන්සේ අභියස පවත්වනු ලබන ප්‍රථම කඨින චීවර පූජාව ඉකුත් බ්‍රහස්පතින්දා (03) දින ආරක්‍ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.


මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ පාඨමාලාවන් හැදෑරු විශේෂ බලකා සෙබළුන් කණ්ඩායම් දෙකක් විසිරයයි

2022-10-29

මාතෘභූමියේ ආරක්‍ෂාව වෙනුවෙන් ඕනෑම මෙහෙයුමක් සිදුකිරීමට නිරතුරුවම සූදානමින් සිටිමින් ජාතියේ අභිමානය සුරැකීම උදෙසා විශිෂ්ඨයින් අතර විශිෂ්ඨයින් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායට එක්ව විශේෂ බලකා පුහුණු පාඨමාලා අංක - 52 සහ 53 යටතේ මාස නවයක අති දුෂ්කර පුහුණු පාඨමාලාව සාර්ථකව හැදෑරු නිලධාරින් 19 දෙනෙකු සහ සෙසුනිලයින් 595 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය පසුගිය සෙනසුරාදා (29) දින මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ දී පැවැත්විණි.


ශ්‍රී ලංකා පාබල හමුදාවේ සංවත්සර සැමරුම් දිනයට සමගාමීව මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කෙරේ

2022-10-26

මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ දිවිපිදූ වීරෝදාර රණවිරුවන් 3744 දෙනෙකුගේ අසමසම පරිත්‍යාගය, වීරත්වය, කැපවීම සහ මෙහෙවර සිහිපත් කිරීමේ ඒකායන අරමුණින් පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ ඉදිකර ඇති දකුණු ආසියාවේ විශාලතම රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක් පසුගිය අඟහරුවාදා (25) දින එම වීරෝදාර රණවිරුවන්ගේ භාර්යාවන් හා දූදරුවන්, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහ ආරාධිත අමුත්තන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විනි.


1 වන බලකායේ අභිමානවත් වූ පළමු සංවත්සර සැමරුම වෙනුවෙන් වැඩසටහන් මාලාවක්

2022-10-22

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සුවිශේෂී නිපුණතාවයකින් හෙබි අතිරේක ප්‍රහාරක බලකායකින්, විශේෂ ක්‍රියාන්විත බලකායකින් සහ අනෙකුත් සන්නද්ධ අංශයන්ගෙන්ද සමන්විත 1 වන බලකායේ පළමු සංවත්සර සැමරුම් උත්සවය පසුගිය සිකුරාදා (21) දින කිලිනොච්චියෙහි පිහිටි එම බලකා මූලස්ථාන පරිශ්‍රයේදී...


‘සමගිය ශක්තියයි’ තේමා පාඨය පෙරදැරිව ගජබා රෙජිමේන්තුවේ අභිමානවත් 39 වැනි සංවත්සර දිනය සමරයි

2022-10-14

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිමත් පාබල රෙජිමේන්තුවක් වන ගජබා රෙජිමේන්තුවේ සංවත්සර දිනය සෑම වසරකම ඔක්තෝබර් මස 14 වන දිනට යෙදෙන අතර, ඒ අනුව මෙවරද අභිමානවත් වූ එම රෙජිමේන්තුවේ 39 වැනි සැමරුම් උත්සවය ඔක්තෝබර් මස 14 වන දින අභිමානවත් අයුරින් සමරනු ලැබීය. එහිදී දේශය ආරක්‍ෂා කිරීම සඳහා එක පවුලක් ලෙස දැක්වූ දායකත්වය පිළිබිඹු කරමින් ඔවුන්ගේ මතයකයන් අවර්ජනය කරයි.