මුල් පුවත්
යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා ඉතිහාසය අලුත් කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුට් පැනීමේ ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ කුඩාඔය පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේදී හමුදා පැරෂූට් භටයෙකු ලෙස තම හැකියාව ප්‍රගුණ කර 2024 ජනවාරි මස 22 දින සිය දක්‍ෂතා විදහා දැක්වූයේය.
කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාඨමාලා අංක 51 ඊ, එෆ් සහ ජී සාර්ථකව හැදෑරූ කමාන්ඩෝ භටයින් ‘මෙරූන් හිස්වැසුම’ පැළඳ විසිරයයි

කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාඨමාලා අංක 51 ඊ, එෆ් සහ ජී යටතේ ක්‍රියාන්විත උපායමාර්ගයන් පිළිබඳ විශිෂ්ඨ වු පුහුණුවක් හැදෑරු සුවිශේෂී වුත් හැකියාවන්ගෙන් සමන්විත වූ නිලධාරින් සහ සෙසුනිලයින්ගේ විසිරයාමේ පෙළපාලිය සෙනසුරාදා (13) දින කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි. කමාන්ඩෝ රෙජිමේන්තුවේ අධිපති...
2024 නව වසර සියලු දෙනාටම සතුට සහ සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා!

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු, 2024 නව වසර සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සතුට සහ සෞභාග්‍යය සපිරි නව වසරක් වෙනුවෙන් සුබපැතුම් පිරිනමයි.
යුද්ධ හමුදා සරඹ සහ පියවර කෝදු තරඟාවලිය පනාගොඩදී සාර්ථකව අවසන්

‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සරඹ හා පියවර කෝදු තරඟාවලිය - 2023’ හි ජයග්‍රාහී කණ්ඩායම් සඳහා සම්මාන ප්‍රධානෝත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු සරඹ භූමියේදී පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 30) දින පවත්වනු ලැබීය.
74 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව රණවිරු ස්මාරකය අභියස දී මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 74 වන සංවත්සර දිනයට සමගාමීව මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ අමිල මෙහෙවර සිහිපත් කිරීමේ රණවිරු අනුස්මරණ උත්සවය බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී සිකුරාදා (06) දින සන්ධ්‍යාවේ පැවැත්විණි.
74 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව කතරගම කිරිවෙහෙර පුදබිමේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පතයි

වර්ෂ 2023 ඔක්තෝබර් මස 10 වන දිනට යෙදී ඇති 74 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමිව යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීමේ ආශිර්වාද පූජාව සඳුදා (ඔක්තෝබර් මස 02) දින ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර අභියසදී හා කතරගම දේවාල පරිශ්‍රයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී යුද්ධ හමුදා දිනයට ආශිර්වාද එක්කිරීම සඳහා යුද්ධ හමුදා ධජයන් පෙරටු කරගත් නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද මෙම ආශිර්වාද පූජාව සඳහා එක්වූහ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 74 වන සංවත්සර සැමරුමට ශ්‍රී දළදා මාලිගාවේදී ආශීර්වාද එක් කරයි

ඔක්තෝබර් මස 10 දිනට යෙදී ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 74 වන සංවත්සරයට සමගාමීව පැවැත්වූ ආගමික සැමරුම් මාලාවේ දෙවැන්න මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් මස 28) දින පැවැත්විණ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ නව වෙබ් පිටුව සහ ‘Trade Test Management System’ මෘදුකාංග යෙදවුම එළිදැක්වේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය වෙතින් හඳුන්වාදෙනු ලබන ‘Trade Test Management System’ යෙදවුම එළිදැක්වීම පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 05) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සහභාගි විය.
යුද්ධ හමුදා සුභසාධක අධ්‍යක්‍ෂක මණ්ඩලය මගින් විවිධ වූ සුභසාධන පහසුකම් ඇතුලත් ‘e-Portal Widget’ මෘදුකාංගය එළිදක්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුභසාධක අධ්‍යක්‍ෂක මණ්ඩලය විසින් බදාදා (අගෝස්තු මස 23) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී සුභසාධක වැඩසටහනක් සංවිධානය කරන ලද අතර, එහිදී එම අධ්‍යක්‍ෂ මණ්ඩලය මගින් යුද්ධ හමුදා සාමාජිකයින්ට ‘සුවසහන අරමුදල’, ණය පහසුකම් ආදිය සඳහා වූ තොරතුරු දැනගැනීමට ‘e-Portal Widget’ මෘදුකාංගය එළිදැක්වීම සහ යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන ළමුන්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට අත්‍යාවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය, ඇස් කණ්නාඩි සහ පාසල් පාවහන් බෙදාදීමේ වැඩසටහනක් පවත්වන ලදී.
ජාතික ආධුනික සහ කාර්මික පුහුණු අධිකාරියට, ‘ප්‍රයිම් මුවර් ක්‍රියාකරුවන්හට’ ‘විනයගරුක’ පුහුණුවක් ලබා දීම සදහා යුද්ධ හමුදාවේ සහය

ශ්‍රී ලංකා ජාතික ආධුනික සහ කාර්මික පුහුණු අධිකාරිය වෙතින් බර වාහන, යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ ක්‍රියාකිරීම පිළිබඳ පුහුණුව ලබාගැනීමට උනන්දුවක් දක්වන තරුණ තරුණියන් වෙනුවෙන් විදේශ රැකියා අවස්ථා උදාකරදීමේ අරමුණින් ජාතික නිපුණතා මට්ටම (NVQ) 4, ‘ප්‍රයිම් මුවර් ක්‍රියාකරු’ පාඨමාලාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතී.