01st March 2023 21:00:51 පැය
යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්යක්ෂ මණ්ඩය විසින් සම්පාදනය කළ පළමු ත්‍රෛභාෂා විද්‍යුත් පුවත්පත වන ‘යුද හමුදා දෙසතිය’ පුවත්පත දිවයින පුරා සේවයේ නියුතු සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්ට එළිදැක්වීම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී ඉකුත් බදාදා (මාර්තු 1) සිදුකරනු ලැබිණ. යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් පිළිබඳ මෙම විද්‍යුත් පුවත්පතෙන් යුද්ධ හමුදා සාමාජිකයින් දැනුම්වත් කිරීම සිදුකෙරේ.
01st March 2023 20:13:10 පැය
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් ක්‍රියාත්මක කරනු ලබන සුභසාධන කටයුතු පුළුල් කරමින් මියගිය වීරෝදාර රණවිරුවන්ගේ දරුවන්, සේවයේ නියුතු සහ විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයින් සහ යුද්ධ හමුදාවේ සේවයේ නියුතු සිවිල් කාර්ය මණ්ඩලයේ දරුවන් සඳහා ලංකා බැංකුව සමඟ එක්ව ශිෂ්‍යත්ව 140 ක් පිරිනැමීම බදාදා (මාර්තු 1) යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.
01st March 2023 16:00:51 පැය
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ (UNIFIL) ශ්‍රී ලංකා යුද්ධ හමුදා 13 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම (SLFPC) රාජකාරී නිමාවෙන් පසුව බදාදා (මාර්තු 01) දින දිවයිනට පැමිණෙන ලදී.
24th February 2023 19:37:35 පැය
වසර 35 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවාකාලය අවසන් කර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන පාබල හමුදා අධ්යක්ෂ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඒ.සී ළමාහේවා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පවුලේ සාමාජිකයන් සමඟ ඉකුත් සිකුරාදා (24) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.
24th February 2023 19:00:35 පැය
ශ්‍රී ලංකා සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ප්‍රධාන සංඥා නිලධාරී සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එච්.එම්.එල්.ඩී හේරත් ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සිය පවුලේ සාමාජිකයන් සමගින් සිකුරාදා (24) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.
22nd February 2023 19:14:15 පැය
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) සාමසාධක රාජකාරින්හි නිරතව සිටියදී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ලාන්ස් කෝප්රල් එම්.ජී.එල් දේශප්‍රිය (42) ගේ දේහය බදාදා (පෙබරවාරි 22) දින මෙරටට රැගෙන එනු ලැබීය. අනතුරුව දේහය එම රණවිරුවාගේ ඒකකයේ භටපිරිස් විසින් හමුදා ගෞරවාචාර මධ්‍යයේ පිළිගනු ලැබීය.
22nd February 2023 19:00:15 පැය
දශක තුනකට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් හි පිහිටි 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඩබ්ලිව් පොන්නම්පෙරුම ආර්එස්පී පීඑස්සී සිය පවුලේ සාමාජිකයන් සමගින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සිදුකරනු ලැබූ ආරාධනයකට අනුව බදාදා (22) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.
22nd February 2023 18:35:51 පැය
‘සමස්ථ ලංකා ජම්ඉයියතුල් උලමා’ සංවිධානයේ (ACJU) ජ්‍යෙෂ්ඨ විධායක සාමාජිකයින් තිදෙනෙකු ඉකුත් අඟහරුවාදා (21) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සමඟින් සුහද හමුවක නිරත වූ අතර, එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සමස්ථ ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ කාර්යභාරය පිළිබඳව ඇගයීමට ලක් කරන ලදී.
19th February 2023 17:55:34 පැය
රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයේදී ඉකුත් ඉරිදා (පෙබරවාරි 19) දින පැවති වර්ණවත් උත්සවයකදී අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් ජාතික ශිෂ්‍යභට බලකාය වෙත ජනාධිපති වර්ණ සහ රෙජිමේන්තු වර්ණ පිරිනැමිණි. එම අවස්ථාව සඳහා සම්භාවනීය අමුත්තන් සහ ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහභාගී වූහ.
19th February 2023 17:50:34 පැය
75 වන ජාතික නිදහස් උත්සවයට සමගාමීව රජය විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව පසුගිය ඉරිදා (19) දින සන්ධ්‍යාවේ මහනුවර ඓතිහාසික දළඳා මාලිගාවේ ‘ජනරජ පෙරහැර’ පැවැත්විණි. එම අවස්ථාව සඳහා අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යතුමන් ප්රමුඛ පිරිසක් ද සහභාගී වූහ.