24th February 2023 19:00:35 Hours
ශ්‍රී ලංකා සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ප්‍රධාන සංඥා නිලධාරී සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එච්.එම්.එල්.ඩී හේරත් ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සිය පවුලේ සාමාජිකයන් සමගින් සිකුරාදා (24) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.
වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් යුධ මෙහෙයුම් වලදී කටයුතු කල ආකාරය පිළිබඳව මතකයන් ආවර්ජනය කල යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ අනභිබවනීය සේවය ඇගයීමට ලක් කළේය.
මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් එච්.එම්.එල්.ඩී හේරත් ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සිය අදහස් දක්වමින් තම වෘත්තීය ජීවිතය තුළ දී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් සහයෝගය, මගපෙන්වීම, උපදෙස්, දිරිගැන්විම් සහ සුබපැතුම් වෙනුවෙන්ද සිය ස්තූතීය පුදකළේය
මෙම සුහද හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් මේජර් ජෙනරල් එච්.එම්.එල්.ඩී හේරත් ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළේය. අනතුරුව එතුමන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙතද සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.
වර්ෂ 1988 ඔක්තෝබර් මස 06 දින රත්මලාන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨය වෙත කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් බැඳී ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බල සේනාවට එක් වූ මේජර් ජෙනරල් එච්.එම්.එල්.ඩී හේරත් ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් පාඨමාලා අංක 32 බී යටතේ මූලික පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසුව දෙවන ලුතිනන් වරයෙකු ලෙස අධිකාරියට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සංඥා බලකායට වෙත අනුයුක්ත කරනු ලැබු අතර, ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් වර්ෂ 2021 අගෝස්තු 02 වන දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.
නුදුරේදී විශ්‍රාම දිවියට එළඹීමට නියමිත එතුමන් යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන සංඥා නිලධාරී සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති ලෙස ධූරයේ කටයුතු හෙබවූවේය.
යුධ බිමේදී එතුමන් දැක්වූ නිර්භීතකම සහ ධෛර්ය වෙනුවෙන් ‘රණ සූර පදක්කම’ ද (RSP) පිරිනමා ඇත.
මීට ප්‍රථම එතුමන් කණ්ඩ භාර නිලධාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරී උපදේශක, යුද්ධ හමුදා මූලස්ථාන ප්‍රධාන සංඥා නිලධාරී කාර්යාලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1, කාර්යයේ නියුතු සේනාවිධායක මූලික සංඥා පුහුණු වැඩපොල , 3 වන සහ 10 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරී, ශ්‍රී ලංකා සංඥා බලකායේ මාණ්ඩලික නිලධාරි 1 (පාලන), ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යක්‍ෂක මාණ්ඩලික, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ අධ්‍යක්‍ෂ අධ්‍යයන, 641 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, ආරක්‍ෂක සේවා විද්‍යාලයේ බ්‍රිගේඩියර් (සම්බන්ධීකරණ), සංඥා බලකායේ බලකාධිපති සහ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක වැනි ධූරයන් හොබවා ඇත.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ කීර්තීමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ කණ්ඩ භාර නිලධාරීන්ගේ උපාය මාර්ගික පාඨමාලාව, බලඇණි ආධාරක අවි පාඨමාලාව - පාබල පුහුණු මධ්‍යස්ථානය මින්නේරිය, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව - ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය, තරුණ සංඥා නිලධාරීන්ගේ පුහුණු පාඨමාලාව - ඉන්දියාව, Mortar Locating Radar Course - චීනය, Procurement of Mortar Locating Radar Course - ඇමරිකා එක්සත් ජනපදය, Mid-Career Course - පාකිස්ථානය සහ Advance Training Program for Talents from Maritime Silk Road Countries - චීනය ආදී දේශීය හා විදේශීය පාඨමාලා රාශියක් හදාරා ඇත.