Header

Sri Lanka Army

Defender of the Nation

22nd February 2023 19:00:15 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් රොහාන් පොන්නම්පෙරුමගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

දශක තුනකට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් හි පිහිටි 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඩබ්ලිව් පොන්නම්පෙරුම ආර්එස්පී පීඑස්සී සිය පවුලේ සාමාජිකයන් සමගින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සිදුකරනු ලැබූ ආරාධනයකට අනුව බදාදා (22) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් සමඟ පැවති සුහද හමුවේදී එතුමන් විසින් දශක තුනකට අධික කාලයක් කැපවීමෙන්, විවිධ අභියෝගාත්මක අවස්ථාවන්ට මුහුණ දෙමින් යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ අනගිභවනීය සේවය යුද්ධ හමුදාපතිතුමන් විසින් සිය ඇගයීමට ලක් කළේය.

මෙම හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ආර්.ඩබ්ලිව් පොන්නම්පෙරුම ආර්එස්පී පීඑස්සී වෙත සිය සුභාශිංසනයන් එක්කල අතර, 68 වන සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරි සිදුකල කාල සීමාව තුළ දී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් මඟපෙන්වීම වෙනුවෙන්ද සිය කෘතඥතාවය පළකරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් ආර්.ඩබ්ලිව් පොන්නම්පෙරුම ආර්එස්පී පීඑස්සී සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් සමඟින් පැවති සුහද පිළිසඳරේදී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවා කාලය පුරාවටම ඔහුගේ පවුලේ සාමාජිකයන් ඔහුට ලබාදුන් සහය යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඇගයීමට ලක්කළ අතර, එතුමන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන්ද සිය සුභාශිංෂනයන් එක්කළේය.

මෙම සුහඳ හමුව අවසානයේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයන් ද ප්‍රදානය කරන ලද අතර, මේජර් ජෙනරල් ආර්.ඩබ්ලිව් පොන්නම්පෙරුම ආර්එස්පී පීඑස්සී විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙතද සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

වර්ෂ 1989 ජනවාරි මස 20 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳුනු මේජර් ජෙනරල් ආර්.ඩබ්ලිව් පොන්නම්පෙරුම ආර්එස්පී පීඑස්සී පාකිස්තාන හමුදා ඇකඩමියේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 31 - යටතේ මූලික පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසුව දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිංහ රෙජිමේන්තුව වෙත අනුයුක්ත කරනු ලැබු අතර, ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් වර්ෂ 2022 මැයි 22 වන දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹීමට නියමිත එතුමන් 68 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස ධූරයේ කටයුතු හෙබවූවේය. මීට ප්‍රථම එතුමන් කණ්ඩ භාර නිලධාරි, බලඇණි බුද්ධි නිලධාරි, නිලධාරී අණදෙන, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 3, මාණ්ඩලික නිලධාරී 2, බලසේනා මේජර්, හිටපු යුද්ධ හමුදාධිපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගේ අධි සහායක, 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරී සහ අණදෙන නිළධාරී, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1, 662 සහ 642 වන පාබල බලසේනාවන්හි සහ බලසේනාධිපති, නියෝජ්‍ය සේනාවිධායක ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, වැනි ධූරයන් හොබවා ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ කීර්තීමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ කණ්ඩ භාර නිලධාරීන්ගේ පාඨමාලාව, බුද්ධි නිලධාරීන්ගේ පාඨමාලාව, ප්‍රවාහන අංශභාර නිලධාරීන්ගේ පාඨමාලාව, තරුණ නිලධාරීන්ගේ පාඨමාලා, උපදේශක පුහුණු පාඨමාලා, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව, මූලික පැරෂුට් පාඨමාලාව ආදී දේශීය පාඨමාලා රැසක් හා කැඩෙට් නිලධාරී පුහුණු පාඨමාලාව – පාකිස්ථානය, නිලධාරී අවි පුහුණු පාඨමාලාව – බංගලාදේශය, All Arms Field Engineering and Watermanship පාඨමාලාව – පාකිස්තානය, තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව – පාකිස්තානය, කනිෂ්ඨ අණදෙන නිලධාරීන්ගේ පාඨමාලාව – ඉන්දියාව Advanced Training Programme for Talents from Maritime Silk Road Countries – චීනය සහ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව ආදී විදේශීය පාඨමාලා රැසක් ද සාර්ථකව හදාරා ඇත.

යුධ බිමේදී එතුමන් දැක්වූ නිර්භීතකම සහ ‍ධෛර්ය වෙනුවෙන් ‘රණ සූර පදක්කම’ ද (RSP) පිරිනමා ඇත.