16th March 2023 19:36:39 පැය
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති තානාපතිනි අතිගරු රීටා ගිවුලියානා මැනේලා (HE Rita Giuliana Mannella) මහත්මිය බ්‍රහස්පතින්දා (මාර්තු මස 16) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවූවාය.
16th March 2023 14:45:02 පැය
‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සරඹ හා පියවර කෝදු තරඟාවලිය - 2022’ හි ජයග්‍රාහී කණ්ඩායම් සඳහා සම්මාන ප්රදානය කිරීමේ උත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු සරඹ භූමියේදී ඉකුත් අඟහරුවාදා (14) දින පවත්වනු ලැබීය.
14th March 2023 19:00:00 පැය
නුඳුරේදී ධූරයෙන් නික්ම යන ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ මේජර් ජෙනරල් කේ.ආර්.පී රොවෙල් ආර්ඩබ්ලිව්පී ඩීඑස්වී යූඑස්පී යූඑස්ඒසීජීඑස්සී (විශ්‍රාමික) ඉකුත් අඟහරුවාදා (14) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවූයේය.
11th March 2023 07:57:56 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිකුරාදා (10) දින මාර්ගගත තාක්ෂණය ඔස්සේ අණදෙන නිලධාරින් අමතමින් සිය වෘත්තීය කාර්යභායන්හි යාවත්කාලීන කිරීම්, රාජකාරි භූමිකාව වැනි කරුණු පිළිබඳ දැනුවත් කිරීමක් සිදුකරනු ලැබීය.
09th March 2023 20:17:00 පැය
රියර් අද්මිරාල් පුජිත විතාන යූඑස්පී එන්ඩීයූ ඉකුත් බ්‍රහස්පතින්දා (2) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.
04th March 2023 20:57:34 පැය
තැලසීමියා රෝගයට ගොදුරු වී සිටින වයස අවුරුදු 10 ක් වන තම පුතුගේ හදිසි ඇටමිදුළු සැත්කම සඳහා උපකාරයක් බලාපොරොත්තුවෙන් ආණමඩුව ප්‍රදේශයේ පියෙකු විසින් යුද්ධ හමුදාව වෙත සිදුකරනු ලබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ලබාදුන් උපදෙස් මත රු.100,000.00 මුදලක් එම පවුල වෙත සෙනසුරාදා (04) පිරිනමනු ලැබීය.
03rd March 2023 18:00:08 පැය
කොළඹ මහානාම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් චන්න වීරසූරිය ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සිව්දෙනෙකු වෙත උපහාර පුදකිරීමේ උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (2) දින පැවැත්විණි.
02nd March 2023 10:25:01 පැය
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායෙහි (UNIFIL) සාමසාධක රාජකාරීන් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා 14 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම (SLFPC) බ්‍රහස්පතින්දා (02) දින උදෑසන දිවයිනෙන් පිටත්ව යනු ලැබීය.
01st March 2023 21:00:51 පැය
යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්යක්ෂ මණ්ඩය විසින් සම්පාදනය කළ පළමු ත්‍රෛභාෂා විද්‍යුත් පුවත්පත වන ‘යුද හමුදා දෙසතිය’ පුවත්පත දිවයින පුරා සේවයේ නියුතු සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්ට එළිදැක්වීම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී ඉකුත් බදාදා (මාර්තු 1) සිදුකරනු ලැබිණ. යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් පිළිබඳ මෙම විද්‍යුත් පුවත්පතෙන් යුද්ධ හමුදා සාමාජිකයින් දැනුම්වත් කිරීම සිදුකෙරේ.
01st March 2023 20:13:10 පැය
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් ක්‍රියාත්මක කරනු ලබන සුභසාධන කටයුතු පුළුල් කරමින් මියගිය වීරෝදාර රණවිරුවන්ගේ දරුවන්, සේවයේ නියුතු සහ විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයින් සහ යුද්ධ හමුදාවේ සේවයේ නියුතු සිවිල් කාර්ය මණ්ඩලයේ දරුවන් සඳහා ලංකා බැංකුව සමඟ එක්ව ශිෂ්‍යත්ව 140 ක් පිරිනැමීම බදාදා (මාර්තු 1) යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.