04th March 2023 20:57:34 Hours
තැලසීමියා රෝගයට ගොදුරු වී සිටින වයස අවුරුදු 10 ක් වන තම පුතුගේ හදිසි ඇටමිදුළු සැත්කම සඳහා උපකාරයක් බලාපොරොත්තුවෙන් ආණමඩුව ප්‍රදේශයේ පියෙකු විසින් යුද්ධ හමුදාව වෙත සිදුකරනු ලබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ලබාදුන් උපදෙස් මත රු.100,000.00 මුදලක් එම පවුල වෙත සෙනසුරාදා (04) පිරිනමනු ලැබීය.
5 වන වසරේ ඉගෙනුම ලබන මෙම දරුවා 2018 වසරේ සිට තැලසීමියා රෝගයෙන් පීඩාවිදින අතර, මෙම ඇටමිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්මය කඩිනමින් සිදුකල යුතු බව වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇත.
ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙම දරුවා පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා බලන ලෙස එම ප්‍රදේශයේ ස්ථාපිත 16 වන ගජබා රෙජිමේන්තු මූලස්ථානය වෙත උපදෙස් ලබදෙන ලදී.
ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත 16 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එස්.ඒ.ඩී.පී ජයරත්න විසින් සෙනසුරාදා (04) දින එම පවුල වෙත මූල්‍ය ප්‍රදානය පිරිනමන ලදී.