09th March 2023 20:17:00 Hours
රියර් අද්මිරාල් පුජිත විතාන යූඑස්පී එන්ඩීයූ ඉකුත් බ්‍රහස්පතින්දා (2) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.
මෙම හමුවේදී, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය රාජකාරීන්, ආයතනයක් ලෙස මුහුදේ දී නීතිය ක්‍රියාත්මක කරන ආකාරය සහ සමුද්‍ර සම්පත් තිරසාර කළමනාකරණය හා සංවර්ධනය වෙනුවෙන් සිදුකරනු ලබන වැඩසටහන් ක්‍රියාවලිය පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් දැනුවත් දැනුවත් කළේය.
මුහුදුබඩ ප්‍රදේශවල සිදුවන නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා ඒකාබද්ධ මෙහෙයුම් පුහුණු දියත් කිරීම පිළිබඳව ද මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමන් කරුණු අවධාරණය කළේය.
යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අතර පැවැති සුහඳ හමුව අවසානයේ සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.
ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ. එම බලකාය මුහුදේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් වන අතර ශ්‍රී ලංකාවේ සමුද්‍ර කලාපවල නීති විරෝධී ක්‍රියාවන්හි යෙදෙන නැව්, යාත්‍රා සහ පුද්ගලයින් සෙවීමට සහ අත්අඩංගුවට ගැනීමට නීතිමය බලය එම බලකාය වෙත පවරා ඇත.