Header

Sri Lanka Army

Defender of the Nation

14th March 2023 19:00:00 Hours

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂතුමන්ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

නුඳුරේදී ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් කේ.ආර්.පී රොවෙල් ආර්ඩබ්ලිව්පී ඩීඑස්වී යූඑස්පී යූඑස්ඒසීජීඑස්සී (විශ්‍රාමික) ඉකුත් අඟහරුවාදා (14) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවූයේය.

යුද්ධ හමුදාව වෙනුවෙන් ඉටුකරනු ලැබූ අනගි භවනීය සේවාව සම්බන්ධයෙන් සහ විශ්‍රාම ගැනීමෙන් පසුවත් ආරක්‍ෂක අංශයන් සඳහා අවශ්‍ය නවෝත්පාදන නිපැයුම් ඉදිරිපත් කරමින් දැක්වූ දායකත්වය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එහිදී, මේජර් ජෙනරල් කේ.ආර්.පී රොවෙල් ආර්ඩබ්ලිව්පී ඩීඑස්වී යූඑස්පී යූඑස්ඒසීජීඑස්සී (විශ්‍රාමික) වෙත ප්‍රශංසා කළේය.

2009 මැයි මාසයට පෙර කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව පැවැති මානූෂීය මෙහෙයුම පැවති සමයේදී තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ පැවති අභියෝගයන් පිළිබඳව ද මෙම සුහද හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන් සිහිපත් කළේය.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් කේ.ආර්.පී රොවෙල් ආර්ඩබ්ලිව්පී ඩීඑස්වී යූඑස්පී යූඑස්ඒසීජීඑස්සී (විශ්‍රාමික) වෙත යුද්ධ හමුදාවේ සුහඳත්වය සංකේතවත් කරමින් මෙම සුහද හමුව අවසානයේ, විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කල අතර, අනතුරුව එතුමන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ද සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.