11th March 2023 07:57:56 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිකුරාදා (10) දින මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ අණදෙන නිලධාරින් අමතමින් සිය වෘත්තීය කාර්යභායන්හි යාවත්කාලීන කිරීම්, රාජකාරි භූමිකාව වැනි කරුණු පිළිබඳ දැනුවත් කිරීමක් සිදුකරනු ලැබීය.
මෙම දේශනය අතරතුර, විනය ඉහළම මට්ටමින් පවත්වාගැනීම සහ විනය විරෝධී ක්‍රියාවන්ගෙන් වැළකී සිටීම, මත්ද්‍රව්‍ය භාවිතය, නීති විරෝධී හා සමාජ විරෝධී භූමිකාවන්ට සම්බන්ධ නොවීම, සමාජ මාධ්‍ය අනිසි ලෙස භාවිතා කිරීම, එහි බලපෑම සහ ප්‍රතිවිපාක යනාදී කරුණු පිළිබඳ අණදෙන නිලධාරින් දැනුවත් කර ඔවුන් යටතේ සේවයේ නියුතු භටපිරිස් දැනුවත් කරන ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් උපදෙස් ලබාදෙන ලදී.
රටේ ජනතාව සහ රට ආරක්‍ෂා කරගනිමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට සහයෝගය දැක්විය යුතු බවත් රට තුළ සාමය සහ සහජීවනය පවත්වාගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසත් එතුමන් වැඩිදුරටත් අණදෙන නිලධාරින් වෙත උපදෙස් ලබාදුන්නේය.
මෙම දේශනය සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, මේජර් ජෙනරල් සංජය වනසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරින් පිරිසක් ද සහභාගී වූහ.