Header

Sri Lanka Army

Defender of the Nation

16th March 2023 19:36:39 Hours

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනිය, යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති තානාපතිනි අතිගරු රීටා ගිවුලියානා මැනේලා (HE Rita Giuliana Mannella) මහත්මිය බ්‍රහස්පතින්දා (මාර්තු මස 16) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවූවාය.

මෙම සුහද හමුවේදී, දෙරට අතර පවතින අන්‍යෝන්‍ය සහයෝගීතාවය සහ ද්වීපාර්ශ්වික සබඳතාවයන් තවදුරටත් වැඩිදියුණු කරගැනීමේ හැකියාව පිළිබඳ කරුණු සාකච්ඡා කෙරිණි.

සුහද හමුව සමාප්තියේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් අතිගරු රීටා ගිවුලියානා මැනේලා (HE Rita Giuliana Mannella) මහත්මිය වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරමින් රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයන් සාර්ථක කරගැනීම වෙනුවෙන් ඇය දක්වන දායකත්වයට සිය සුබපැතුම් එක්කළේය.

මෙම අවස්ථාව සඳහා ඉතාලි තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතන් ෆේබියෝ සිමා (Captain Fabio Cima) ද සහභාගී වූවේය.