26th April 2023 09:30:37 පැය
දින හයක නිල සංචාරයක් සඳහා දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින නයිජීරියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ එයාර් කොමදෝරු ඔසිචිනාකා චෙඩු උබඩිකේ (Osichinaka Chedu UBADIKE) ඇතුලු සාමාජිකයින් 17 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ඉකුත් අඟහරුවාදා (25) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.
20th April 2023 14:43:05 පැය
මුස්ලිම්වරුන්ගේ උපවාසය අත්හැරීම හෙවත් ‘ඉෆ්තාර්’ චාරිත්‍ර ඉටු කිරීමේ උත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදාවේ සේවයේ නියුතු ඉස්ලාම් ආගමික නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් ඉකුත් බදාදා (19) දින වාද්දුව ‘ලයා බීච්’ හෝටල් පරිශ්‍රයේදී පවත්වන ලදී.
20th April 2023 14:42:05 පැය
නවදිල්ලියේ නැමීබියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ජෙනරල් ටයිටස් සයිමන් (Brigadier General Titus Simon) ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී හමු වී සුහද පිළිසඳරක නිරත විය.
19th April 2023 19:16:04 පැය
විශ්ව උදාර අලහරුවන් මහතාගේ අනුග්‍රහය ඇතිව, 23 පාබල සේනාංකයට අයත් 233 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් කොලකනවාඩිය, වැලිකන්ද ප්‍රදේශයේ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙත නව නිවසක් ඉදිකර දීමට අවශ්‍ය ශ්‍රම දායකත්වය සහ තාක්ෂණික දැනුම ලබාදෙන ලදී.
19th April 2023 19:15:04 පැය
සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන චාරිත්‍රානුකූල තේ පැන් සංග්‍රහය සහ සුහද හමුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් සඳුදා (17) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී පැවැත්විණි.
14th April 2023 15:00:00 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, සියලුම නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් ඔබ සැමට සෞභාග්‍යයමත් සුභ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරයි!
14th April 2023 14:59:00 පැය
ශ්‍රි ලාංකිකයින්ගේ අද්විතීය සංස්කෘතික මහෝත්සවයක් වන සිංහල හා හින්දු අලූත් අවුරුද්ද හෙවත් සූර්ය මංගල්‍යය වෙනුවෙන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලූම සාමාජිකයින්ටත් සිවිල් කාර්ය මණ්ඩලයේ සැමටත් ප්‍රථමයෙන්ම මාගේ සුභාශිංසනය මින් පළකරමි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමග උදාවන අලුත් අවුරුද්ද...
12th April 2023 10:16:02 පැය
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත, ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර මූලිකත්වයෙන් පනාගොඩ යුද්ධ හමුදා කඳවුරු පරිශ්‍රයේ සංවිධානය කරන ලද සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවයට සමගාමීව පවත්වනු ලැබූ සංගීත ප්‍රසංගය ඉකුත් සඳුදා (10) දින සන්ධ්‍යාවේදී යුද්ධ හමුදා නවක ගායක ශිල්පීන් සහ ජනප්‍රිය කලාකරුවන් කීපදෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය.
09th April 2023 22:18:02 පැය
යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත රටේ ඒකීය භාවය වෙනුවෙන් පැවති මානූෂීය මෙහෙයුමට සක්‍රීය දායකත්වය ලබාදුන් අභාවප්‍රාප්ත 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සැරයන් ඩබ්. එම් කුමාරදාස රණවිරුවාගේ බිරිඳ සහ දරුවන් වෙනුවෙන් අනුරාධපුර කුඩා කලත්තෑව ප්‍රදේශයේ ඉදිකරන ලද නව නිවස යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඉතුක් සෙනසුරාදා (8) දින ප්‍රතිලාභීන් වෙත භාරදෙනු ලැබීය.
09th April 2023 20:09:36 පැය
යාපනය අර්ධද්වීපයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා යුද්ධ හමුදාව විසින් අඛණ්ඩව සිදුකරමින් පවතින නිවාස ඉදිකරදීමේ වැඩසටහන් සඳහා ඇති කැපවීම සහ අවංකභාවය පිළිබඳව ඇති විශ්වාසය හේතුවෙන් විදෙස් රටවල සිටින පරිත්‍යාගශීලීන් වැඩි වශයෙන් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී මෙම මහඟු කාර්යය සඳහා ඔවුන්ගේ මූල්‍යමය දායකත්වය ලබාදෙයි.