Header

Sri Lanka Army

Defender of the Nation

26th April 2023 09:30:37 Hours

නයිජීරියානු ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ දූත පිරිසක් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

දින හයක නිල සංචාරයක් සඳහා දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින නයිජීරියානු ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ එයාර් කොමදෝරු ඔසිචිනාකා චෙඩු උබඩිකේ (Osichinaka Chedu UBADIKE) ඇතුලු සාමාජිකයින් 17 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ඉකුත් අඟහරුවාදා (25) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි දූත පිරිස යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩී.කේ.එස්.කේ දොලගේ යූඑස්පී පීඑස්සී විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

දූත පිරිසේ ප්‍රධානී එයාර් කොමදෝරු ඔසිචිනාකා චෙඩු උබඩිකේ, ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල ප්‍රධානි ආචාර්ය චිනෙඩු සිම්ප්ලිසියස් උඩේහ් (Dr Chinedu Simplicius UDEH), නියෝජ්‍ය ආරක්‍ෂක උපදේශක කර්නල් අබියෝලා ඔලන්රේවාජු සලාමි (Abiola Olanrewaju Salami) සහ නියෝජිත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍යයා වන කර්නල් සහීඩ් ඔලලෙකන් සැඩික් (Saheed Olalekan SADIQ) මෙම සුහද හමුව සඳහා සහභාගී වූහ. මෙහිදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සමඟ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික පුහුණු අවස්ථා, හමුදා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සහ දෙරටේම හමුදාවන් සඳහා ප්‍රතිලාභ ලැබෙන කරුණු පිළිබඳව අදහස් හුවමාරු කරගනු ලැබීය.

සුහද හමුව සමාප්තියේ, සංචාරයේ නිරත නියෝජිතයින් යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ සමරු තිළිණ හුවමාරු කරගනු ලැබීය.

සුහද හමුවට ප්‍රථම, යුද්ධ හමුදාවේ ඉදිරි ක්‍රමෝපාය සැලසුම්, වගකීම් සහ කාර්යයන් පිළිබඳව අමුත්තන් දැනුවත් කරන ලදී.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී, උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සමඟින් යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩී.කේ.එස්.කේ දොලගේ යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වූහ.