09th April 2023 20:09:36 Hours
යාපනය අර්ධද්වීපයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා යුද්ධ හමුදාව විසින් අඛණ්ඩව සිදුකරමින් පවතින නිවාස ඉදිකරදීමේ වැඩසටහන් සඳහා ඇති කැපවීම සහ අවංකභාවය පිළිබඳව ඇති විශ්වාසය හේතුවෙන් විදෙස් රටවල සිටින පරිත්‍යාගශීලීන් වැඩි වශයෙන් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී මෙම මහඟු කාර්යය සඳහා ඔවුන්ගේ මූල්‍යමය දායකත්වය ලබාදෙයි.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය උපදෙස් මත 51 වන පාබල සේනාංකයේ 513 වන පාබල බලසේනාවේ භටපිරිස් විසින් යාපනයේ කට්ටුඩායි, මනිපෙයි (බටහිර) ප්‍රදේශයේ ඉදිකරන ලද 768 වන නව නිවස ප්‍රතිලාභීන් වෙත පසුගියදා පවරා දෙනු ලැබීය. නිවසක් නොමැතිව දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවිගෙවන ලද ප්‍රනාන්දු රේනුෂාන් මහතාගේ ජීවන තත්ත්වය පිළිබඳව ප්‍රදේශයේ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ අවධානයට ලක්වීමෙන් පසුව ඔවුන්ගේ තොරතුරු නිවාස ඉදිකිරීමේ වැඩසටහන් සඳහා දීර්ඝ කාලයක සිට සහයෝගය ලබාදෙන මේජර් ජෙනරල් රවී රත්නසිංහම් (විශ්‍රාමික) වෙත දැනුම් දෙන ලදී.
මේජර් ජෙනරල් රවී රත්නසිංහම් (විශ්‍රාමික) ගේ සම්බන්ධීකරණයෙන් කැනඩාවේ ඔන්ටාරියෝ හි වෙසෙන සින්නදුරෙයි සෙන්තිවේල් මහතාගේ පවුලේ මියගිය තංගම්මා සින්නදුරෙයි මහත්මා සහ එම මහත්මිය සිහිපත් කිරීම සඳහා ‘Wanni Aid Canada’ සහ මෝදර මට්ටක්කුලිය සිංහ සමාජය සමඟ එක්ව මෙම නිවස ඉදිකිරීම සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය ලබාදෙන ලදී.
නව නිවස ප්‍රතිලාභීන් වෙත ලබාදීමේ උත්සව අවස්ථාව සඳහා 51 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වජිර වෙලගෙදර ගේ ආරාධනයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට පසුගිය බ්‍රහස්පතින්දා (06) දින සහභාගී විය. එහිදී එතුමන් සම්ප්‍රදානුකූල වාරිත්‍ර මධ්‍යයේ සමරු ඵලකය විවෘත කර නිවසේ යතුර සංකේතාත්මකව ප්‍රතිලාභීන් වෙත ලබාදුන් අතර, එම අවස්ථාවට නිවාස ලාභීන්ගේ ඥාතීන්, ප්‍රදේශවාසීන් සහ අසල්වාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.
513 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, බ්‍රිගේඩියර් එම් රිස්වි රාසික් ගේ උපදෙස් මත 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් කේ.පී.සී.කේ. කාරියවසම් ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම උපයෝගීකර ගනිමින් කඩිනමින් නිවස ඉදිකිරීමේ වැඩකටයුතු සිදුකිරීමට හැකි විය.
උත්සව අවස්ථාවේදී ප්‍රතිලාභියා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත ත්‍යාග සහ වියළි ආහාර සලාක පාර්සල් ප්‍රදානයක්ද සිදු කෙරිණි.