20th April 2023 14:42:05 Hours
නවදිල්ලියේ නැමීබියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ජෙනරල් ටයිටස් සයිමන් (Brigadier General Titus Simon) ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී හමු වී සුහද පිළිසඳරක නිරත විය.
සිය ධූරයේ රාජකාරීන් අවසන් කර නික්මයන ආරක්‍ෂක උපදේශකතුමන්ගේ සේවා කාලය තුළ යුද්ධ හමුදාව වෙතින් ලබාදුන් සහයෝගය සහ සුහදතාවය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය කෘතඥතාවය පුදකළේය.
නැමීබියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතාවයන් පිළිබඳ සිහිපත් කළ එතුමන් එවැනි සබඳතා තවදුරටත් තහවුරු කිරීමේ වැදගත්කම පිළිබඳ කරුණු අවධාරණය කළ අතර, මෙම හමුව සමාප්තියේ සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.