Header

Sri Lanka Army

Defender of the Nation

19th April 2023 19:15:04 Hours

සිංහල හා දමිළ අලුත් අවුරුදු උදාවෙන් අනතුරුව සම්ප්‍රදානුකූලව යුද්ධ හමුදා මූලස්ථානයේ රාජකාරි කටයුතු ආරම්භ කරයි

සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන චාරිත්‍රානුකූල තේ පැන් සංග්‍රහය සහ සුහද හමුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් සඳුදා (17) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී පැවැත්විණි.

එම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කාර්යය මණ්ඩලය විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

තේ පැන් සංග්‍රහය සාම්ප්‍රදායික ආහාර වර්ග රැසකින් සමන්විත වූ අතර, යුද්ධ හමුදාධිපතිතුමන් උත්සව අවස්ථාව ආරම්භ කරමින් සංකේතාත්මකව සම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වූ අතර, අනතුරුව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට එක් වූහ.

තේ පැන් සංග්‍රහය අතරතුර යුද්ධ හමුදාධිපතිතුමන් එම අවස්ථාවට පැමිණ සිටි පිරිස සමඟින් ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු, සුබසාධන කටයුතු සහ වෘත්තීයමය රාජකාරි කටයුතු පිළිබඳව සුහදව අදහස් හුවමාරුකර ගත්හ.

උත්සව අවස්ථාවට නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්, කොමිෂන් නොලත් නිලධාරීන්, සෙබළුන් සහ සිවිල් කාර්යය මණ්ඩලය ද එක් වූහ.