19th April 2023 19:16:04 Hours
විශ්ව උදාර අලහරුවන් මහතාගේ අනුග්‍රහය ඇතිව, 23 පාබල සේනාංකයට අයත් 233 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් කොලකනවාඩිය, වැලිකන්ද ප්‍රදේශයේ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙත නව නිවසක් ඉදිකර දීමට අවශ්‍ය ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම ලබාදෙන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස් ආර් කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් 2023 අප්‍රේල් මස 10 වන දින පැවති උත්සවයකදී එම නිවස වැලිකන්ද කොලකනවාඩිය ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව් රවීන්ද්‍ර මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත සංකේතාත්මකව භාරදෙන ලදී.
නිවස විවෘත කිරීමෙන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ප්‍රතිලාභීන් වෙත ගෘහ උපකරණ, වියළි ආහාර සලාක පාර්සල් සහ පාසල් උපකරණ ප්‍රදානය කරන ලදී.
විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවු අදාළ ප්‍රතිලාභී පවුල ඒ පිළිබඳව ප්‍රදේශයේ සේවයේ නියුතු භටපිරිස් වෙත දැනුම් දීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා විසින් මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යාධාර ලබාගැනීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලදී.
233 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර් ඩබ්ලිව් කේ හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එම් අයි එස් චන්ද්‍රකුමාර යූඑස්පී පීඑස්සී අයිජී ගේ අධීක්‍ෂණය යටතේ 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් විසින් මෙම නිවස ඉදිකිරීම සඳහා අවශ්‍ය ශ්‍රමදායකත්වය සහ තාක්‍ෂණික සහය ලබා දෙන ලදී.
නිවස විවෘත කිරීමේ උත්සව අවස්ථාව සඳහා 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනුග්‍රහකත්වය සඳහා සම්බන්ධීකාරක ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා සහ ප්‍රතිලාභීන්ගේ ඥාතීන් පිරිසක් ද එක්ව සිටියහ.