09th May 2023 20:55:28 පැය
ගංගාරාමයේ පැවැත්වෙන ‘බුද්ධ රශ්මි වෙසක් කාලපය’ තුළ නිර්මාණශීලී වෙසක් පහන් කූඩු නිර්මාණය කිරීමට දායක වූවන් වෙනුවෙන් පසුගිය ඉරිදා (07) දින මූල්‍යමය දිරිගැන්වීම් සහ ත්‍යාග පිරිනැමිණි. එම අවස්ථාව සඳහා භික්ෂූන් වහන්සේලා, ගරු. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ආර්එස්පී යූඑස්පී, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්, පාසල් සිසු සිසුවියන් සහ ආරාධිතයින් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.
09th May 2023 20:47:45 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 පාබල සේනාංකයට අයත් 221 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 17 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් 2023 මැයි මස 9 දින ත්‍රිකුණාමලය, කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයේ මඩුවන්කුලම් සහ පූනෙයි-ආරු කැළෑවේ අතරමං වූ සිවිල් වැසියන් හතර දෙනෙකු බේරාගැනීම සඳහා මධ්‍යම රාත්‍රියේ මෙහෙයුමක් දියත් කර ඔවුන් බේරාගැනීමට කටයුතු කළේය.
08th May 2023 08:10:40 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් වෙසක් සමරුමට සමගාමීව සිය සෞන්දර්ය කුසලතා එළිදක්වමින් පසුගිය සෙනසුරාදා (6) දින ගාලු මුවදොර පිටියේදී භක්ති ගීත වැඩසටහනක් පැවැත්වීය. එම අවස්ථාව සඳහා ගරු ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී ඒකනායක මහතා, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියූ, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය, රාජ්‍ය නිලධාරින් සහ ආරාධිතයන් රැසක් ද සහභාගී වූහ.
05th May 2023 13:52:28 පැය
ජාතික වෙසක් සතිය වර්ණවත් කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සමඟින් එක්ව යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩීයූ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන්. මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඉකුත් බ්‍රහස්පතින්දා (04) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මූලස්ථාන වෙසක් කලාපය විවෘත කරනු ලැබීය.
05th May 2023 00:00:02 පැය
ගංගාරාමයේ පැවැත්වෙන ‘බුද්ධ රශ්මි වෙසක් කාලපයේ’ සමාරම්භක උත්සවය අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්, කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන, ගරු අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා, ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් (විශ්‍රාමික), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, පොලිස්පතිතුමන් සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් පසුගිය බදාදා (03) දින සන්ධ්‍යාවේ පැවැත්විණි.
04th May 2023 19:39:58 පැය
ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞද්රි (Air Chief Marshal Vivek Ram Chaudhari) බදාදා (03) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.
03rd May 2023 10:26:27 පැය
එක්සත් ජනපද පැසිපික් හමුදා විධානයේ ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අණදෙන නිලධාරි මේජර් ජෙනරල් ක්‍රිස් ස්මිත් (Major General Chris Smith) ප්රමුඛ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිතන් කර්නල් ඇන්තනි සී. නෙල්සන් (Lieutenant Colonel Anthony C. Nelson)...
03rd May 2023 10:25:27 පැය
පාකිස්ථානයේ කාකුල් (Kakul) හි ස්ථාපිත යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී අප්‍රේල් 29 (සෙනසුරාදා) දින පැවති කැඩෙට් නිලධාරීන්ගේ විසිර යාමේ පෙළපාලියේදී පාකිස්ථානු හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කැඩෙට් නිලධාරි පසිඳු දයානන්ද වෙත පාකිස්ථානු හමුදාවේ ‘විදේශීය ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටුවේ සභාපතිවරයාගේ රන් පදක්කම’ පිරිනමන ලදී.
30th April 2023 06:45:28 පැය
යාපනය අර්ධද්වීපයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් සහල් බෙදා දීමේ වැඩසටහනක් සඳහා පසුගිය සිකුරාදා (28) දින ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ධීවර අමාත්‍ය ගරු ඩග්ලස් දේවානන්ද, සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ගරු අනුප පැස්කුවල් යන මහත්වරුන් සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යාපනය ප්‍රදේශයේ නිල සංචාරයක නිරත වූහ.
27th April 2023 22:25:46 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් නිර්භීත සහ දේශප්‍රේමීත්වයෙන් යුත් යුද්ධ හමුදා ප්‍රවීණයන් ලෙස ජාතියේ ප්‍රශංසාවට හා ගෞරවාදරයට පාත්‍ර වූ අමරණීය රණවිරුවන් වන ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ භාර්යාව වන ලලි කොබ්බෑකඩුව මහත්මිය සහ මේජර් ජෙනරල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ භාර්යාව වන මානෙල් විමලරත්න මහත්මිය වෙත අද (27) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයට ආරාධනා කරනු ලැබීය.