09th May 2023 20:55:28 Hours
ගංගාරාමයේ පැවැත්වෙන ‘බුද්ධ රශ්මි වෙසක් කාලපය’ තුළ නිර්මාණශීලී වෙසක් පහන් කූඩු නිර්මාණය කිරීමට දායක වූවන් වෙනුවෙන් පසුගිය ඉරිදා (07) දින මූල්‍යමය දිරිගැන්වීම් සහ ත්‍යාග පිරිනැමිණි. එම අවස්ථාව සඳහා භික්‍ෂූන් වහන්සේලා, ගරු. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ආර්එස්පී යූඑස්පී, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්, පාසල් සිසු සිසුවියන් සහ ආරාධිතයින් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.
‘බුද්ධ රශ්මි වෙසක් කලාපය’ තුළ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, ශ්‍රී ලංකා පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් නිර්මාණය කරනු ලැබූ වෙසක් පහන් කූඩු, භක්ති ගීත සහ දන්සැල් අඛණ්ඩව සිව්වන දිනටත් ඉරිදා (7) දින පැවැත්වුණු අතර එහි ආරම්භය සනිටුහන් කරමින් අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් පසුගිය බ්‍රහස්පතින්දා (4) දින සන්ධ්‍යාවේ එම වෙසක් කලාපයේ විදුලි පහන් දැල්වීය.
පසුගිය ඉරිදා (7) දින සන්ධ්‍යාවේ පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේදී නිර්මාණාත්මක වෙසක් පහන් කූඩු නිර්මාණය කළ යුද්ධ හමුදා සාමාජිකයන් දෙවන, තෙවන සහ හයවන ස්ථානයන් දිනාගැනීමට සමත්වූහ. ඒ අතරින්, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් නිර්මාණය කරනු ලැබූ ‘අපාය’ අනුරුව සැදැහැවතුන්ගේ ආකර්ෂණයට ලක්විය.
මෙම අවස්ථාවේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ දන්සැල පරිශ්‍රයේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව සංවිධායක මණ්ඩලය සහ ඒ සඳහා සහභාගී වූ සැදැහැවතුන් සමඟින් සුහද අදහස් හුවමාරුවක ද නිරත වූවේය. ඉන් අනතුරුව, භක්ති ගීත සහ පහන් කූඩු තරඟ ජයග්‍රාහකයන් වෙත මූල්‍යමය දිරි දීමනා ප්‍රදානය කිරීමට ද එතුමන් සහභාගී වූයේය.
ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය (ආචාර්ය) කිරින්දේ අස්සජි හිමිපාණන් විසින් අනුශාසනාවක් පවත්වා ‘බුද්ධ රශ්මි වෙසක් කලාපය’ සාර්ථක කරගැනීමට දායක වූ සියලුම දෙනා වෙනුවෙන් ආශිර්වාද එක් කළේය.